ආදරේට ආදරෙන් 04 ( ආදරේ හෙලුවෙන් )
ආදරේට ආදරෙන් 04 - ආදරේ හෙලුවෙන් ආදරේ කියන්නේ ලෝකේ තියෙන පිවිතුරුම හැඟීමක්ද එහෙමත් නැත්තන් ජීවයේ පැවැත්ම වෙනුවෙන් මිනිසා නැමැති සත්වයාගේ මොලයේ ඇතිවන රසායනික ක්‍රියාකාරකම් වල එකතුවක්ද? ආදරේට විවිධාකාර පුද්ගලයින් දෙන නිර්වචන ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට විශයානුබද්ධ කාරණාවක්. හැබැයි මේ නිර්වචන එකෙන් එකට විශ්ලේශණය කරලා බැලුවම මේ හැම නිර්වචනයම තියෙන පොදු ලක්ශණය තමා ආදරය කියන්නේ හුදෙක්ම මිනිස් හැඟීමකට වඩා පවතින හැඟීම් වල තීවෘතාවය ඉස්මතු කරන ක්‍රියාවලියක් කියන කාරණාව. උදාහරණයකින් පැහැදිලි කරොත් මිනිසාගේ තියෙන raw හැඟීම් තමා " පරිපූර්ණත්වය, දුක, කේන්තිය, වේදනාව, කලකීරීම..." වගේ ඒවා. හැබැයි කෙනෙක් ආදරය එහෙම නැත්නම් ප්‍රේමය කියන හැඟීමෙන් නම් ඉන්නේ ඒ පුද්ගලයට ආදරය කියලා විශේශ හැඟීමක් ඇති වෙන්නේ නෑ. සිද්ද වෙන්නේ මූලීක හැඟීම් වල තීවෘතාවය වැඩි වීමක්. ඔයා ඉන්නේ ආදරේ කියන හැඟීමෙන් නම් ඔයා ආදරේ කරන කෙනෙක් ඔයාට හොඳින් සැලකුවොත් ඔයාට දැනෙන fulfillment එක ඔයා ආදරේ නොකරන කෙනෙක් ඔයාට හොඳින් සලකද්දි දැනෙන fulfillment එකට වඩා වැඩී. ඔයා ඉන්නේ දුරක නතර වෙලා.බෝඩිමේ ඇන්ටි උදේට කෑම එකක් හදලා දෙනවා අරගෙන...