"මගේ මතේ ඒක බෑ" - Sri Lanka Cricket Crisis
ක්‍රිකට් ගැන මගේ සත දෙක...
මන් ඉපදුනේ 1996, ඒකියන්නේ ශ්‍රීලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනපු අවුරුද්ද. 96 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් එක්ක ලංකාවේ ක්‍රිකට් උන්මාදයක් ඇති වෙන්න හේතුව විදියට මන් දකින්නේ හුදෙක්ම ක්‍රීඩා ජයග්‍රහණයක්ම වීමම නෙමේ. තුන් වෙනි ලෝකේ රටක් විදියට යුදමය වාතාවරණයක් යටතේ, ඉන්දියාව ඔස්ට්‍රේලියාව වගේ දැවැන්ත රාජ්‍යන් ලංකාවේ ක්‍රිඩාකරන්න ප්‍රතික්ෂේප කරද්දි, මුරලි වගේ ක්‍රීඩකයින්ව ජාත්‍යන්තර මට්ටමින් පහලට දාන්න උත්සහ කරපු වටපිටාවක, දැන් වගේ ක්‍රීඩාව තුල විශාල මුදලක් සංසරණය නොවුන කාලයක 11 දෙනෙක් ක්‍රීඩාවෙන් ලෝකයේ ඉහලම තැනට මේ දූපත ඔසවා තැබීම ජාතියක් වශයෙන් මොරාල් එක අප් කරන දෙයක්.
මිනිස්සු කියන්නේ මන් නිතරම කියන විදියට සමාජ සත්වයින් කොට්ඨාසයක්. මානව ශිශ්ටාචාරයේ ආරම්භයේ ඉඳන්ම මිනිස්සු තමන්ගේ tribe එකේ සුපිරියෝරිටි එක අනික් මිනිස්සුන්ට පෙන්නුවා. ඒක මිනිස් ගති ලක්ෂණයක් වගෙම ඒ වර්ගයාගේ පැවැත්මටත් ඒක අත්‍යාවශ්‍ය අංගයක්. ඒක ඉතිහාසය පුරාවටම ඉතාමත් පැහැදිලිව දකින්න තියෙන කාරණාවක්. ගෙන්ගිස් කාන්ගේ ඉඳන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය දක්වා, මිනිස්සු වෙනත් ගෝත්‍රි යටපත් කරගන්නේ,හිට්ලර්ගේ සමූල ඝාතන වගේම වර්තමානයේ ඉශ්‍රායල් පලස්තීන ගැටුම් වගේම රුසියානු යුක්‍රේන ගැටුම් වලින් ඉස්මතු වෙන්නේ මිනිසා තුල තියෙන තමන්ගේ බලය අනිකාට පෙන්වීම සහ conquer කිරීමට තියෙන ආශාව.
හැබැයි සමාජය ශිශ්ට වෙද්දී අපිට බැහැ ඉස්සර වගේ කඩු හෙල්ල අරගෙන ගිහින් ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න. ඒ වෙනුවෙන් තමා ක්‍රීඩාව කියන දේ සමාජය තුල පවතින්නේ. රටක ජනතාවගේ ශාරිරික ශක්තිය පෙන්වන සහ ප්‍රතිවාදියා තුල ආධිපත්‍යය පතුරන අවස්තාවක් තමා ක්‍රීඩා ජයග්‍රහණ කියන්නේ. ක්‍රිඩාවක් ජයග්‍රහණය ඒ තරම්ම රටකට වැදගත් නිසා තමා රුසියාව සීතල යුද්යේදි ඔලිම්පික් වලදි තමගේ ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක ලබාදීල හෝ ඇමරිකාව පරාජය කරන්න උත්සහ කරන්නේ. මොකද ක්‍රීඩාජයග්‍රහණය කියන දේ ඒ තරම්ම වැදගත් දෙයක් රටක සහ ජාතියක නිරෝගි පැවැත්මකට. පැවැත්ම කියලා මෙතන අදහස් කරන්නේ කාල බීල ඉන්න ටික නෙමේ.
තමන්ගේ ජාතිකත්වය පිලිබද අභිමානයක් තියෙන, competitive drive එකක් තියෙන අනික් රටවල් ඉදිරියේ කොන්ද කෙලින් තියන් හිටගන්න පුලුවන් ශක්තිමත් මිනිස්සු ඉන්න ජාතියකට විතරයි ඉදිරි ලෝකයේ පැවැත්මක් තියෙන්නේ. අන්න ඒදේ මිනිස් ජානවලටම බද්ධ වෙලා තියෙන නිසා තමයි ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක් පදක්කමක්,කුසලානයක් ගෙනාවම අපි සති ගනන් ඒ ගැන මයිල් කෙලින් කරන් ආඩම්බරෙන් කතා කරන්නේ. ක්‍රිඩා ජයග්‍රහණකින් පෙන්වන්නේ හුදෙක් ශාරිරික දක්ශතාව විතරක් නෙමේ. ශාරිරික ශක්තිය, දරාගැනීම, උත්සහාය, විනය, කැපවීම, තීක්ශණ බුද්ධිය... මෙ හැම දෙයක්ම පෙන්වනවා.
ඉතින් 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම ජාතියක් විදියට ලෝකය ඉදිරියේ අපේ වර්ගයා ඔසවා තැබීමක්. රට ඇතුලේ මොන විදියේ අර්බුද තිබුනත් අඩු තරමේ ක්‍රිකට් වලින් අපි ලෝකෙත් එක්ක කරට කර ඉන්නවා කියන ගැම්ම මිනිස්සුන්ට දුන්නේ ක්‍රිකට්. ඒකයි අපේ රටේ ජන ජීවිතය ක්‍රිකට් එක්ක මේ තරම් බැඳිලා තියෙන්නේ. මොන වැඩේ තිබ්බත් මැච් එක බලන්න සෙට් වෙන්නේ එකයි. ටිකට් එකක් 5000 උනත් මැච් පැරදුනා උනත්, අදවත් අපේ කොල්ලෝ ගහයි කියලා බලන්න යන්නේ ඒ ගැම්ම නිසයි. ක්‍රිකට් වචනයෙන් කියනවා නම් දරුනු ඉත්තෑවෙක් ඉන්නේ ඒ නිසයි.
මන් ආසම කියනමක් තමයි " strong men create easy times, easy times create weak men, weak men create hard times, hard times create strong men." කියන සර්වකාලීන කියමන. අර්ජුනලා, අරවින්දලා වගේ පුරාවෘත්ත කරපු කැපකිරීම් නිසා තමයි සංගලා, මහේලලා වගේ ක්‍රීඩකයින්ට brands වෙන්න පුලුවන් උනේ. හැබැයි easy times create weak men නිසා තමා අද crease එකට ගිහින් විකට් එක විසි කරල හිනා වෙවී එන ක්‍රීඩකයෝ වගේම 1996 ලෝක කුසලානය දිනද්දි ක්‍රිකට් ටීම් එකක්වත් නොතිබ්බ ඇෆ්ගනිස්තානයට පරාද වෙලා එන්නේ. බංගලින්ගේවත් රෙස්පෙක්ට් එකක් නැත්තේ මේ weak mentality එක නිසා. ක්‍රීඩාව කියන්නේ දුර්වලයන්ගේ තැනක් නෙමේ. දැඩි කැපවීම තියෙන, ජයග්‍රහණයේ පිපාසාව තියෙන, විනය(discipline) තියෙන පුද්ගලයෝ ඉන්න ඕන තැනක්. මේක ක්‍රිකට් නෙමේ ඕනම ක්‍රිඩාවකට පොදුයි. හැබැයි අද ශ්‍රීලංකාව නියෝජනය කරන මොන ක්‍රීඩයකටද එහෙම discipline එකයි dedication එකක් තියෙන්නේ?
එතකොට මේක ක්‍රිඩකයින්ගේ ප්‍රශ්නයක් විතරද? මුන් ඇත්තටම ලොන්තයෝ නිසාද අද ක්‍රිකට් මේ විදියට වැටිලා තියෙන්නේ? නැහැ මිත්‍රවරුනි.
මුදල්,බලය, දූශනය, වංචාව අද ක්‍රිකට් ගිලගෙන හමාරයි. ක්‍රිකට් ආධිපත්‍යය පතුරගෙන හිටිය west indies cricket වලට උන දේ හොයලා බලන්න. ඇයි එහෙම උනේ? කොහොමද එහෙම උනේ කියලා හොයලා බලන්න.
Geo-politics ක්‍රීඩාවට impact වෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න. අපේ අසල්වැසි ඉන්දියාව ලෝකේ නැගී එන දියුනුම රටක් වෙන්නේ කොහොමද? ඇමරිකාව හෝ රුසියාව අසමත් උන චන්ද්‍රායාගේ දක්ශිණ ද්‍රැවයට පාරේ වැසිකිලි ගිය ඉන්දියාව රොකට් යවන්නේ කොහොමද කියලා හිතලා බලන්න. ලෝක බලතුලනයේ ඉන්දියාව සංධිස්ථානයක් වෙලා තියෙන විදිය බලන්න. ඉතින් ඒ විදියට නැගී එන ඉන්දියාවට, ඉන්දියාවෙන් නයට කන අපි ඉස්සරහ ක්‍රිකට් වලින් පරාද වෙන්න පුලුවන්ද?
ICC එකම ඉන්දියාවේ league money වලින් දූශනය වෙලා තියෙද්දි CWC එකේ ඇස් පනාපිට favoritism තියෙද්දි මේ ලංකාව වගේ කන්න වේල නැති රටකට පරාද වෙයිද? West indies cricket වගේම ලංකාවේ cricket එකත් එක මැච් එකකින් උන කඩාවැටිමක් නෙමේ. Long game එකකින් ගහපු game එකක්. ඉස්සර ground එකට ගියාම තිබුන presence එක දැන් ක්‍රීඩකයින්ගේ තියෙනවද? Body language එකේ ඉඳන් තියෙන්නේ beta male mind set එකක්. ජයග්‍රහණයේ පිපාසාවක් හෝ පරජායේ නින්දාවක් නෑ.
මේ දේවල් ගැන හොඳටම කතා කරනවා අර්ජුන, චමුදිත එක්ක කරපු වැඩසටහනේ.
ඉතින් මේ ඔක්කොම දේවල් බලද්දි මුරලිගේ මතේම තමා මාත් ඉන්නේ. " මගේ මතේ ඒක බෑ". අපි ඉස්සරහට මැච් දිනයි හැබැයි කවදාවත් ඉස්සර තිබුන cricket අයේ කවදාවත් අපිට දකින්න වෙන්නෙ නෑ. ඒක හොඳටම පැහැදිලී පහු ගිය සතියේ උන සිදුවීම වලින්.
ජාතියට ආදරේ කරන, ජනතාවට සහ රටට ආදරේ කරන මිනිහෙක් මුලට එනකන් මේක හදන්න බෑ. බොරුවට ජාති මාමකත්වය, විදෙස් කුමන්ත්‍රණ ගාගෙන කෑ මොර දීල සති අන්තයේ තිරුපති වදින නායකයෝ නෙමේ. ඇත්තටම ශ්‍රීලංකිකකම ගැන හැඟීමක් තියෙන දූශණ වංචා නැති අවංක මිනිහෙක් නැතුව මේක හදන්න බෑ.
ප.ලි - සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ ක්‍රිකට් එකත් රටේ ප්‍රශ්න අමතක කරවන්න ගේන මාසේ ආතල් එකක් කියලා. ඔව් සමහරවිට වෙන්න පුලුවන්. හැබැයි ඒක මාසේ ආතල් එක නොවුනත් මිනිස්සු කතාබහ නොකරත් යතාර්ථය ඔන්න ඕකයි. එනිසා ක්‍රිකට් ආතල් එක කරගෙන අවධනය වෙනස් කරගන්න එපා. හැබැයි ක්‍රිකට් වලට කරන දේ හොඳට මතක තියන් ඉඳලා ඊලග අවුරුද්දෙදි ගන්න තියෙන තීරනය හරියට ගන්න.පුහුල් හොරා කරෙන් දැනේ වගේ ඉදිරි කාලයෙදි ක්‍රිකට් හදනවා කියන එක slogan එක කරගෙන මිනිහෙක් බලය ඉල්ලන් එනවා නම් ඌ නෙමේ වැඩේ කරන්න හරියන මිනිහා. හරියට අප්‍රේල් 21 ප්‍රශ්නේ විසදන්න ආවා වගේ.
-ප්‍රමෝද් දිල්ශාන්
@abnormalthinker2021.blogspot.com
11/12/2023 Sunday 02:30Am
Comments
Post a Comment