ආදරේට ආදරෙන් 04 ( ආදරේ හෙලුවෙන් )
ආදරේට ආදරෙන් 04 - ආදරේ හෙලුවෙන්
ආදරේ කියන්නේ ලෝකේ තියෙන පිවිතුරුම හැඟීමක්ද එහෙමත් නැත්තන් ජීවයේ පැවැත්ම වෙනුවෙන් මිනිසා නැමැති සත්වයාගේ මොලයේ ඇතිවන රසායනික ක්‍රියාකාරකම් වල එකතුවක්ද?
ආදරේට විවිධාකාර පුද්ගලයින් දෙන නිර්වචන ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට විශයානුබද්ධ කාරණාවක්. හැබැයි මේ නිර්වචන එකෙන් එකට විශ්ලේශණය කරලා බැලුවම මේ හැම නිර්වචනයම තියෙන පොදු ලක්ශණය තමා ආදරය කියන්නේ හුදෙක්ම මිනිස් හැඟීමකට වඩා පවතින හැඟීම් වල තීවෘතාවය ඉස්මතු කරන ක්‍රියාවලියක් කියන කාරණාව.
උදාහරණයකින් පැහැදිලි කරොත් මිනිසාගේ තියෙන raw හැඟීම් තමා " පරිපූර්ණත්වය, දුක, කේන්තිය, වේදනාව, කලකීරීම..." වගේ ඒවා. හැබැයි කෙනෙක් ආදරය එහෙම නැත්නම් ප්‍රේමය කියන හැඟීමෙන් නම් ඉන්නේ ඒ පුද්ගලයට ආදරය කියලා විශේශ හැඟීමක් ඇති වෙන්නේ නෑ. සිද්ද වෙන්නේ මූලීක හැඟීම් වල තීවෘතාවය වැඩි වීමක්. ඔයා ඉන්නේ ආදරේ කියන හැඟීමෙන් නම් ඔයා ආදරේ කරන කෙනෙක් ඔයාට හොඳින් සැලකුවොත් ඔයාට දැනෙන fulfillment එක ඔයා ආදරේ නොකරන කෙනෙක් ඔයාට හොඳින් සලකද්දි දැනෙන fulfillment එකට වඩා වැඩී.
ඔයා ඉන්නේ දුරක නතර වෙලා.බෝඩිමේ ඇන්ටි උදේට කෑම එකක් හදලා දෙනවා අරගෙන යන්න. ඔයාගේ ආහාර කියන අවශ්‍යතාව සම්පූර්ණ උන නිසා ඔයාට සතුටුයි.
ඔයා ඉන්නේ විවාහ වෙලා. උදේට බිරිඳ උදේම නැගියලා කෑම එකක් හදලා දෙනවා. ඔයාගේ ආහාර කියන අවශ්‍යතාව සම්පූර්ණ උන නිසා ඔයාට සතුටුයි. හැබැයි බිරිඳ හදලා දුන්න කෑම එක නිසා දැනෙන fulfillment එක බෝඩිමේ ඇන්ටිගෙ කෑම එකෙන් දැනෙන fulfillment එකට වඩා වැඩී.
මේකම අනිත් හැඟීම් වලටත් extrapolate කරන්න පුලුවන්. කේන්තිය, දුක, කලකීරිම... මේ හැම එකටම. එතකොට ආදරේ කියන්නේ මූලික මිනිස් හැඟීමක් නෙම්නම් සහ හුදෙක්ම හැඟීම් වැඩි කරන රසකාරකයක් විතරද? මිනිසා කියන සත්වයාගේ පැවැත්ම වෙනුවෙන් තියෙන රසායනික ක්‍රියාවලියක්ද? එක්තරා විදියකට ඔව්. Dopamine වලින් පැටියෝ කියලා පටන් අරගෙන adrenaline වලින් ගුටි දීලා ඉවර වෙනවා නම් කොහොමද ආදරේ කියන්නේ ලෝකේ තියෙන පිවිතුරුම හැඟීමක් වෙන්නේ?
" ඉතින් එහෙම කියන්නේ කොහොමද හැම එකක්ම adrenaline rush එකක් නිසා ගුටි දීලා ඉවර වෙනවයැ.? " අපෝ නෑ. සමහර එවා තියෙනව Oxytocin වලින් ඉවර වෙන ඒවත්. සම්බන්ධයක මුල් කාලේ තියෙන sunshine and rainbows period එකෙන් පස්සෙත් කලින් වගේම හොඳින් ඉන්න couples ඔනේ තරම් ඉන්නවා.
හැබැයි ඒ විදියට වෙන්න නම් ආදරේ කියන හැඟීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ ( love in itself is not enough for a long term relationship ) . එතකොට මොකක්ද එහෙම relationship වල සාර්ථකත්වයට හේතුව?
To be continued...
Pramod Dilshan 23/12/2023
@abnormalthinker2021@blogspot.com
Comments
Post a Comment