ඇයි අපි මෙහෙම? අපිට ඇයි මෙහෙම? [ දේශපාලනික සවිඥානිකත්වය ] - A Constructive Analysis By AbnormalThinker
කෙනෙක් කියන්න පුලුවන් " අපෝ මන් නම් ඔය දේශපාලනයට ආස නෑ. ඕවා මහ විකාර වගේ " අදහසක්. නමුත් රංචුවක් විදියට ජීවත් වෙන සමාජයක දේශපාලනයෙන් බැහරව ජීවත් වෙන්න හැකියාවක් නෑ.
මේ ටික කියවද්දිම අප්පිරියයි වගේ නම් විනාඩි 10ක් අරන් කියවන්න. අපි මේ වැටිලා ඉන්න මඩ වලෙන් ගොඩ එන්න ඒ විනාඩි 10ය ලොකු උදව්වක් වෙයි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
"මිනිසා යනු ස්වභාවයෙන්ම දේශපාලනික සත්වයෙකි "
මේ ඇරිස්ටෝටල් විසින් ක්‍රිස්තු පූර්ව 380දි ඉදිරිපත් කළ අදහසක්. මේ ප්‍රකාශය තුන් කාලයටම වලංගු වෙන ප්‍රකාශයක් වෙන්නේ මිනිසා ස්වභාවයෙන්ම සමාජයීය සත්වයෙක් නිසා.එනම් මිනිසා රංචු වශයෙන් ජීවත් වෙන අනෙකාගේ ඇසුරේ සිටීමට ප්‍රිය කරන සත්වයෙක් වීම නිසා. රංචු වශයෙන් ජිවත් වීමේදී ඒ සාමාජ පද්ධතිය තුල බල දූරාවලියක් ඇතිවීම ස්වභාවික සංසිද්ධියක්. ලෝකයේ සෑම ජෛව පද්ධති වගේම සාමාජ පද්ධති ගොඩ නැගිලා තියෙන්නේ ඒ පදනම මත. ආහාර දූරාවලියේ සිට සෑම සමාජ පද්ධතියකටම පොදු ලක්ශණයක් ඒක. අලි රංචුක් උනත් වෘක රංචුවක් උනත් සිංහ රංචුවක් උනත් ඒක ගොඩ නැගිලා තියෙන්නේ ශක්ති වන්තයා දුබලයව යටත් කරගන්න ආකාරයට.
ඉතින් මිනිස් සමාජයටත් මේක පොදු සංසිද්ධියක්. ඒක එදත් අදත් හෙටත් එහෙමයි. මිනිසා සමාජීය හා සංස්කෘතික වශයෙන් දියුණු වෙන්න පෙර නම් ශක්ති වන්තයා තමාගෙ රැලේ නායකයා විදියට තොරගත්තා.නමුත් මිනිසා සමාජීය වශයෙන් පරිනාමය වීම සමග ශක්තිවන්තයා වෙනුවට බහුතර මතය අනුව තම පාලකයා තෝර ගැනීමට පෙලඹුනේ සමාජයේ වෙසෙන සෑම පුද්ගලයෙක්ම සමානයි කියන මතයේ ඉඳගෙන. ඒ අනුව ප්රජාතන්ත්රවාදය කියන සංකල්පය මිනිස් ව්‍යවහාරයට අද වෙනවිට සාමාන්‍ය සංකල්පයක්.
මේ කතා කරේ මිනිස් සමාජය ආරම්භයේ සිට මේ දක්වා පරිනාමය වුන ආකරය.නමුත් දූපතක වාසය කරන ශ්‍රීලංකාව වගේ රටක් ලෝකය සමග සමාන්තරව යනවද කියන එක ප්‍රශ්නාර්ථයක්.සරල උදාහරණයක් : ප්රජාතන්ත්රවාදී සමාජ රාමුවක රටක් පාලනය වෙනවා නම් එහි පාලනය සිදු විය යුත්තේ බහුතර සුබසිද්ධිය වෙනුවෙන්. නමුත් අපේ පරිසරය දිහා තුන් වෙනි දෘශ්ඨිකත්වයකින් බැලුවම දකින්න පුලුවන් අපි මොන තරම් නොදියුණු සමාජයකද ජීවත් වෙන්නේ කියලා. මේ දවස් වල රටේ පවතින තත්ත්වය එක්ක දකින්න ලැබෙන දෙයක් තමා වැක්සීන් පෝලිම්. මේ වැක්සීන් පෝලිම් සහ මධ්‍යස්ථාන වල දකින්න පුලුවන් පොඩි නිරීක්ෂණයක් තමා එතන පාලන කටයුතු වෙන ආකාරය. මිනිස්සුන්ව පාලනය කරන්නේ ප්රචන්ඩත්වයෙන්. මිනිස්සු යම්කිසි දේකට විරෝධය පල කරනවනම් ඒව පාලනය කරන්නේ ප්රචන්ඩත්වයෙන්. සත්තු පාලනය කරනවා වගෙ.
ලෝකයේ දියුණු රටවල පවා විරෝධතා කියන දේවල් සිදු වෙනවා.නමුත් ඒවා ප්‍රචන්ඩකාරී නැත්නම් ඒවා මැඩපවත්වන්න මැර බලය සහ ප්රචන්ඩත්වයට යොදාගන්නේ නෑ. මෑතම උදාහරණයක් විදියට ඇමරිකාවේ black lives matter moment එක දක්වන්න පුලුවන්. පසුගිය දවස් වල අපේ රටෙත් විවිද විරෝධතා දකින්න ලැබුනා සහ ඒවා පාලනය කල ආකාරයත් හැමෝටම හොඳින්ම දැකගන්න ලැබුනා.
ප්රජාතන්ත්රවාදයේ ලක්ශණක් වෙන අදහස් දැක්වීමේ අයිතිය පවා ඉතාමත් ප්රචන්ඩ විදියට උල්ලංඝනය වෙමින් තියෙනවා. ඒක තවත් වර්ධනය වෙලා සමාජ මාධ්‍ය වාරණය දක්වා ඇවිත් තියෙනවා. ජනතාවගේ මූලික අවශ්‍යතා වෙන ආහාර වෙනුවෙන් පවා සටන් කරන්න සිදු වෙන තැනකට අපේ සමාජ ක්‍රමය පත් වෙලා තියෙනවා. රට ආර්ථිකයක් විදියට වගේම සාමජයක් විදියට අතිශයෙන් පසුගාමීන් වෙලා තියෙනවා.
ඒබ්රහම්ගේ අවශ්‍යතා ධූරාවලිය දිහා බැලුවොත් පිලිවෙලින්...
1.ආහාර
2.ආරක්ෂාව
3.ආදරය
4.ආත්මාභිමානය
5.මමත්වය
නමුත් අපේ දේශපාලන ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ තවත් මේකේ පලවෙනි දෙවන අදියරයන් වල. දේශපාලකයෝ බලය ලබා ගැනීම වෙනුවෙන් මිනිස්සුන්ට දෙන ප්‍රධානම පොරොන්දුව බඩු මිල අඩු කිරීම සහ ජාතික ආරක්ෂාව. නිදසහ ලබාගෙන වසර 70ක් පමණ වෙලත් අපේ සමාජය අසමත් වෙලා තියෙනවා සමාජයේ මූලිකම අවශ්‍යතා දෙකවත් සාර්ථකව සපුර ගන්න. දූශණය, වංචාව, මැරවරකම් සහ රාජ්‍ය ත්‍රස්තවාදය වගේ අශිෂ්ට ලක්ශණ මේවට හේතු වෙලා තියෙනවා.
රටක් මේ තරම් අසාර්ථක වෙන්න බලපාල තියෙන්නේ මිනිස්සුන්ගේ නූගත්කම. අපේ මිනිස්සු තවම identity politics ( පක්ශ දේශපාලනය ) වලින් මිදිලා නෑ. පක්ශ දේශපාලනය කියන එකෙන් අදහස් වෙන්නේ නෑ නිල්,කොල, රතු කියලා බෙදිලා ඉන්න එක විතරක්. ඒක ඊට වඩා පුලුල් සංකල්පයක්. යම්කිසි පුද්ගලයෙක් තමන් අයිති වෙන යම් ජන කොට්ඨාසයක් වෙනුවෙන් තමන්ගේ බලය පාවිච්චි කිරීම සරලව identity politics කියලා හඳුන්වන්න පුලුවන්. තමන්ගේ ජාතිය, වර්ණය, ආගම, පක්ශය, කුලය ...වගේ දේවල් වෙනුවෙන් දේශපාලනයේ නිරත වීම තමා මේකෙන් අදහස් වෙන්නේ. මේක නොදියුණු සමාජයක් ලක්ශණක්. සමාජීය වශයෙන් දියුණු උන මිනිහෙක් දේශපාලනයේ නිරත වෙන්නේ සමාජයක් විදියට පොදු යහපත වෙනුවෙන්.
කෙනෙක් කියන්න පුලුවන් " අපෝ මන් නම් ඔය දේශපාලනයට ආස නෑ. ඕවා මහ විකාර වගේ " අදහසක්. නමුත් රංචුවක් විදියට ජීවත් වෙන සමාජයක දේශපාලනයෙන් බැහරව ජීවත් වෙන්න හැකියාවක් නෑ. මිනිස් සමාජයක දේශපාලනික වශයෙන් කොට්ඨාස දෙකයි ඉන්නේ.
1.පාලකයෝ
2.පාලිතයෝ
නොදියුණු සමාජයක නම් පාලකයෝ පීඩකයෝ විදියටයත් පාලිතයෝ පීඩිතයෝ විදියත්. සමාජයක් දේශපාලනික වෙන්නේ මිනිස් සමාජය සහ ආර්ථිකය හැදිලා තියෙන්නේ සියලු දෙනා ආර්ථිකයට සහභාගි වෙන සහ ප්‍රතිලාබ ඊට අනුලෝමව ලැබෙන ආකාරයට. සමාජයේ සියලුම දෙනා නිශ්පාදනයට දායක වෙනවා සහ එහි ප්‍රතිලාබත් සියලුම දෙනා අතර බෙදී යනවා. මේකෙදි නිශ්පාදන කියන එකට ඔබ දායක් වෙන්නේ රැකියවක් හෝ ව්‍යාපාරක් හරහා වෙන්න පුලුවන්. ඒ වගේම ඔබ බදු ගෙවීම හරහා මේ ව්‍යුහය කාර්යක්ශමව පවත්වගෙන යන්න දායක වෙලා තියෙනවා. ඇතැම් විට 300% පමණ බදු ගෙවන අවස්ථාවල් මේ රටේ දකින්න තියෙනවා.නමුත් මේ ආර්ථිකයේ වැඩි ප්රතිලාභ බෙදිලා ගිහින් තියෙන්නේ ආර්ථිකයේ ඉහලින් ඉන්න ඉතාම සුලු පිරිසක් අතරේ.
අපිට කොතනද වැරදුනේ???
අපිට වැරදුනේ අපේ දේශපාලනික වශයෙන් තියෙන අවබෝධ අඩු කම සහ නූගත්කම. අපිට බැරි වෙලා තියෙනවා දේශපාලනික වශයෙන් නිවැරදි කියවීමක් කරන්න.අපි ඡන්දයක් දෙන්න ගියොත් එක්කෝ තමන්ට පරම්පරාවෙන් උරුම වෙච්ච දේශපාලන පක්ශයට ඡන්දේ දුන්නා හෝ තමන්ගේ ජාතිය ආගම වෙනුවෙන් ඡන්දේ දෙනවා මිසක් දේශපාලන දැනුවත් භාවයකින් ඡන්දය පාවිච්චි කරලා නෑ.
නන්දා මාලනීගේ ගීතයක් තියෙනවා
"සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරනි
බොදුනු කිතුනු හින්දුන් ඉස්ලාම් සොයුරනි
එකම රටක ඉපිද ගැටෙමු ...මියෙමු යුද වැදී
සතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී "
අපි මෙහේ ජාතිය ආගම වෙනුවෙන් රට රැකගන්න ඡන්දේ දුන්නට ඒ හැමෝම එකම පවුලක්. එක කොටසක් identity politics කරනකොට තව පිරිසක් දේශපාලනය ගැන කලකිරිලා. ඒ කලකිරීම අවබෝධයෙන් උන කලකිරීමක් වෙන්න පුලුවන් එහෙම නැත්නම් අනවබෝධයෙන් උන කලකිරීමක්.මේ දෙකෙන් මොන තත්ත්වය උනත් ඒ දෙකම හැමෝටම අහිතකරයි. ඒ උනත් මන් දකින ආකාරයට බහුතරයක් ඉන්නේ අනවබෝධයෙන් කලකිරුන අය. ගොඩක් දෙනෙක්ගෙන් දේශපාලනය කිව්වොත් අහන්න ලැබෙන්නේ..
" අපෝ වැඩක් නෑ රට කනවා/ මන් ආස නෑ ඕවට/ කතා කරලා වැඩක් නෑ" වගෙ වචන නමුත් ඒ එපා වීම වෙන්න නිශ්චිත හේතුවක් ඇහුවොත් ගොඩ දෙනෙක්ට ඒ ගැන අදහසක් නෑ. මිනිස්සුන්ගේ මේ දේශපාලනික නූගත්කම තමා අපි මේ පත්වෙලා ඉන්න තත්ත්වයට ප්‍රධානම හේතුව. ඒ වගෙමයි හේතුවක් ඇතුව කලකිරුණු අය. අහේතුවක කලකිරුණු අයගෙයි මේ අයගෙයි වෙනසක් නෑ.මොකද මේ තරම් අසරණ තත්වෙක අපි හම්බකරොත් අපි කනවා වගේ සීනිබෝල කතා කියමින් කොන්ද පණ නැතුව සිටින අයත් ඒ තත්වයට වගකියන්න ඕනේ. ගෙට පැනලා ගෑනි අරන් ගියත් නිකන් ඉන්න එක සහ වරද දැන දැන එය නිවැරැදි කරන්න කතිරෙකින් දායක වෙන්න පුලුවන්කම තියාගෙනත් එක්කෝ ඡන්දේ නොදා ඉදලා හරි ගිහින් කුරුටුගාල එන එකෙයි ලොකු වෙනසක් මන් පෞද්ගලිකව දකින්නේ නෑ
මොකද පීඩකයෝ හැරුනම අනිත් සියලු දෙනා පීඩිතයෝ. සමාජයේ ඔබ එක්කෝ පීඩිතයෙක් නැත්නම් පීඩකයෙක්.සමාජය දේශපාලනික වශයෙන් උගත් වන තුරු මේ system change වෙන්නේ නෑ. දේශපාලනික වශයෙන් සවිඥානික වීමට මිනිස්සු දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. ඒ සන්නද්ධභාවය එන්නෙ අධ්‍යාපනය තුලින්. මිනිස්සු ඉගනීම සහ උගත් මිනිස්සුන් එකතු වීම මර්දනය කරන්නේ මේ නිසයි.
දැනෙමින් සන්නද්ධ වෙන්න ඉගනීම සහ ඉගන ගත් අය නොදන්න අයට කියලා දෙන එක වෙන්න ඕනේ. උගතුන් නිහඬව සිටීමත් මේ තත්ත්වයට බැරපැන දැරිය යුතුයි.
තව අවුරුදු තුනකින් ආයේ එනවා රට බේරගන්න අන්තිම අවස්ථාවක්. ඒ අවස්ථාවෙදි තමන්ගේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් නැතුව රට වෙනුවෙන්, මනුස්සකම වෙනුවෙන්, පොල් කඩන සරත් වෙනුවෙන්, තේ කඩන ලෙච්චමීගේ දරුවා වෙනුවෙන්, හන්දියේ හඩල විකුණන නානා වෙනුවෙන් බැරිනම් අඩුම තරමේ තමන් වෙනුවෙන් තමන්ගේ දරුවා වෙනුවෙන් මොලේ පාවිච්චි කරලා කතිරේ ගහපන්.දැන්ම එහෙම වෙන්න බැරිනම් ඒ මොහත වෙද්දි නිවැරදි තීරණයක් ගන්න පුලුවන් වෙන විදියට දැනුමෙන් සන්නද්ධ වෙයන්.සන්නද්ධ වෙලා අනිත් උන්වත් එකතු කරගනින්. නැත්නම් ආයේ රට බේරගන්න අවස්ථාවක් එද්දි අවුරුදු 8ක් යනවා. ඒ වෙද්දි මීට වඩා අමාරුයි මොකද අධ්‍යාපනයෙන් මොට වෙච්ච පරම්පරාවක් ඉදිරියට එන්න නියමිත.
අදහසක් හෝ අපහැදිලි තැනක් තියෙනවා නම් කතා කරමු කමෙන්ට් සෙක්ශන් එකේ. ජය!!
~ ප්‍රමෝද්
අපි තනි තානියෙනුත් සාමූහික වශයෙන්නුත් Need Hierarchy එකේ පළවෙනි අධියර දෙක තිරසාර විදිහට පාස් කරන්න ඕනේ. එහෙම උනොත් මිනිස්සු තමන්ගේ පුද්ගලික වාසියට ඡන්දෙ දෙන එක නැවතී, බඩගින්නට ඡන්දෙ දෙන එක නැවතී, ජාතිය බේරගන්න ඡන්දය දෙන එක නැවතී. එහෙම කරන්න නිවැරදි අධ්‍යාපනයක් අතයවශයි.
ReplyDeleteමේ අදහසට එකඟයි. තනි තනියෙන් ගොඩ නැගීමේදි ඒක පස්සට අදින තත්ත්වයක් රටේ තියෙනවා බදු බර නිසා. සහ ජීවන වියදම කවර් කරන්න උපයන ආදායම ප්‍රමාණවත් මදි.
Delete