අරගලය සහ සිහසුන් කෙලිය | Game of Throne ( Learn From Wide Screen ) Chapter 01

අරගලකරුවනි,,


Game Of Thrones ( සිහසුන් කෙලිය )


අපේ කතාවේ නායකයා වෙන්නේ winterfell වල අවජාතක දරුවා එහෙම නැත්නම් bastard of winterfell A.K.A "Jon Snow" .


Jon ප්‍රභූ පවුලක ඉපදුනත්, අවජාතක දරුවෙක් නිසා කිසිම

කෙනෙක්ගෙන් ප්‍රභූ සැලකිල්ලක් ලැබෙන්නේ නෑ. ඉතින් පොඩි කාලේ ඉඳන් හැලහැප්පීම් එක්ක ජීවත් උන Jon එයාගෙ වයස සම්පූර්ණ උනාම ඒකාලේ හැටියට එහෙම සමාජයේ පිලිගැනීමක් නැති උන අය / පිටුවහල් කරපු අය ජීවිතේ ඉතුරු කාලේ සමාජෙට වැඩක් කරන්න පුලුවන් වෙන night's watch එකට යන්න තීරණය කරනවා. මේ night's watch එකෙන් කරන්නේ westeros වල සීමාව ආරක්ෂා කරන එක. මේ සීමාවෙන් එහා ජීවත් වෙන්නේ කිසිම සදාචාරයක් නැති wildlings කියන අශිෂ්ට ගෝත්‍රිකයෝ ටිකක්. මෙයාලගෙන් westeros දේශ සීමාව ආරක්ශා කරන එක තමා night's watchmanලගේ රාජකාරිය.


හැබැයි දවසක් jonට සිද්ද වෙනවා රාජකාරි වැඩකට මේ සීමාවෙන් එහාට යන්න. ගියාම එයාගෙ කණ්ඩායම මග ඇරිලා එයා අතරමන් උනාම එයාව බේරගන්නේ අර අශිෂ්ට කියලා label වැදුන wildlings/ Freefolksලා. ඉතින් jon තේරුම් ගන්නවා මෙයාලත් මිනිස්සු කියලා. ඒ එක්කම jon දැන ගන්නවා ඇත්තටම westeros වල සතුරා මේ wildlingsලා නෙමේ ඊට වඩා දරුණු සතුරෙක් ඉන්නවා කියලා. 


ඒ සතුරා තමා Night King සහ ඔහුගේ මල උන්ගේ හමුදාව. Night kingට තියෙන්නේ එකම අරමුණයි. ඒ අරමුණ තමා හැම ජීවියෙක්ව westeros වලින් තුරන් කරන එක. Night king උතුරේ ඉඳන් හම්බෙන හැම පන තියෙන සතෙක්ම මරලා තමන්ගේ සොම්බි හමුදාව වර්ධනය කරගෙන westeros පැත්තට එන්න ගන්නවා. Jon තේරුම් ගන්නවා ඇත්තම සතුරා කවුද කියලා. ඒවගේම jon තේරුම් ගන්නවා night's watch එකේ ඉන්න 100කට විතර මේ 100000ක විතර army of dead එක පරද්දන්න බෑ කියලා. 


ඉතින් jon සංවිධානය වෙන්න පටන් ගන්නවා.


Jonව අවජාතකයෙක් විදියට ප්‍රතික්ෂේප කරපු උතුරේ ප්‍රභූ පවුල් වලට කතා කරනවා තමන් එක්ක එකතු වෙන්න කියලා. 


Westeros වල අය ප්‍රතික්ෂේප කරපු wildlingsලා එක්කත් jon එකතු වෙනවා.


ඊටපස්සේ එතනින් නතර නොවී Jon, තමන්ගේ පවුලේ බලය අල්ලගන්න කුමන්ත්‍රණය කරන little fingerගේ Knights Of the walesලගේ සහයත් ගන්නවා.


හැබැයි jon දන්නවා මේ පිරිස විතරක් මදි army

of the dead එක පරද්දන්න කියලා. ඒ නිසා Jonට සිද්ද වෙනවා westeros වල බලය අල්ලන්න විශාල හමුදාවක් රැස් කරගෙන ඉන්න ( මකරු තුන් දෙනෙකුත් ඉන්න) danearys targarianගේ සහයත් ඉල්ලන්න. හැබැයි dany එහෙම ගිහින් කිව්ව ගමන් සහය දෙන්න කැමති වෙන්නේ නෑ. ඩැනී කියනවා එයා සහය දෙන්නේ jon තමන්ගේ army එකේ සහය danyට රාජ්‍ය අල්ලන්න දෙන්න පොරොන්දු උනොත් විතරයි කියලා. Jonය මේ සිහසුන් අල්ලන එක කිසි වැඩකට ඇති දෙයක් නෙමේ. Jonට වැදගත් එකම දේ මිනිස්සුන්ගේ පොදු සතුරා උනු night kingගෙන් මිනිස්සු බේර ගන්න එක විතරයි. ඉතින් Jon එකඟ වෙනවා ඩැනීට සහය දෙන්න.


දැන් නම් ඇති වෙන්න කට්ටිය එකතු කරගෙන වගේ නේද? 


හැබැයි jonට නම් මදි. Jon දන්නවා දවසින් දවස වර්ධනය වෙන army of the dead එක පරද්දන්න,


Night's Watch

Northern men

Knights of the wales

ඩැනීගේ, මකරු 3 දෙනයි/ Unsullied Army එකයි (10,000) / Dothraki Army එකයි විතරක්ම මදී කියලා ...


ඉතින් Jonට ඕනා වෙනවා රාජ්‍යයේ සිහසුන අල්ලන් ඉන්න දුශ්ඨ/කුරුරු පාලිකාව වෙච්ච Cersyගේ සහයත් ලබාගන්න මේ පොදු සතුරට එරෙහි සටනට.


මේ පොදු සතුරට එරෙහි සටනෙදි Jon එකතු කරගන්නේ විවිධ පෞද්ගලික අරමුණු තිබ්බ පාර්ශව. හැබැයි jonට පුලුවන් වෙනවා මේ විවිධාකාර අරමුණු තියෙන පාර්ශව පොදු සතුරාට එරෙහිව සටනෙදි එකට එකතු කරගන්න. 


අන්තිමේ Jon westeros වල හැම මනුස්සයෙක්ටම තර්ජනයක් උන night king සහ ඔහුගේ army of the dead එක පරද්දනවා.


මේවා අතරතුර දැන ගන්න ලැබෙන වැදගත් කාරණය තමා Jonට දැන ගන්න ලැබෙනවා තමන් ඇත්තටම අවජාතකයෙක් නොවන බව. Jon තමා westeros වල සිහසුනේ සැබෑම උරුමක්කාරයා. Jon snowගේ ඇත්තම නම Agon Targaryan කියලා. හැබැයි මේ සටන් ඉවර උනාට පස්සෙවත් Jonට උවමනා වෙන්නේ නෑ westeros වල පාලකයා වෙන්න. මොකද එයාගේ අරමුණ උනේ පොදු සතුරගෙන් මිනිස්සු බේරගන්න. ඒක එයා කරනවා!! 


විවිධාකාර අරමුණු තිබ්බ හැම කෙනෙක්වම පොදු සතුරාට එරෙහිව සටනට එයා එකතු කරගන්නවා. Night's watch එක තමා දේශසීමව රකින්නේ, වෙන උන්ගේ සහය එපා මට, මේක night's watch එකේ සටන, අපි තමා පොරවල් ටික කියලා හිටියේ නෑ.


Jonගෙ චරිතෙන් අපිටත් ගන්න දේවල් බොහොමයි. ඉතින් සහෝදරවරුනි....


Jon Snow කෙනෙක් වෙන්න. Aegon Targeryan වෙන්න.


ප.ලි - මේක jon ගැන කතාවක්ම නෙමේ. මේක ලෝකේ එදාටත් අදටත් වලංගු සිහසුන් කෙලියේ කතාව.


- ප්‍රමෝද් දිල්ශාන්


#GoHomeGota2022 #ArrestRajapaksha #GiveUsOurStolenMoneyBack

Comments