අධ්‍යාපනය, රැකියාව සහ දුගීබවේ දුශ්ඨ චක්‍රය [ A constructive criticism by AbnormalThinker ]
රටක් විදියට අපේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථක ඇයි?
රටක දියුණුවේ පදනම වෙන්නේ අධ්‍යාපනය එහෙම නැත්නම් දැනුම.දැනුම ලබා ගන්න තියෙන ප්‍රධානම මාධ්‍ය රටක අධ්‍යාපන පද්ධතිය. මිනිස්සුන්ගේ මානසික නිදහස රඳා පවතින්න මූලික වෙන්නේ මූල්‍යමය ශක්තිය.කෙනෙක් කියනවා නම් මූල්‍ය ශක්තිය මානසික නිදහසට බලපාන්නේ නෑ කියලා ඒකට විද්‍යාත්මක පදනමක් තියෙනවද කියන කාරණය ගැටලුවක්. මොකද දැනට සමාජීය වශයෙන් හෙලිදරව් කරගෙන තියෙන කරුණු එක්ක බැලුවම ආකාර බොහොමයකින් ඔප්පු වෙනවා මූල්‍යා ශක්තිය මානසික තෘප්තිමත්භාවයට බලපනවා කියන කාරණය. මූල්‍ය ශක්තිය ගැන කතා කරද්දි රැකියාව කියන සාධකය දිහා බැලුවම කීයෙන් කීදෙනෙක්ද තමන්ගේ රැකියාව ආසාවෙන් කරන්නේ.උදේට නැගිටිද්දි තමන්ගේ දවස ගැන උද්‍යෝගයකින් නැගිටින්නේ කීයෙන් කී දෙනාද? ඒකට මන් දකින විදියට ලොකුම හේතුව තමන් යෙදෙන වෘත්තීය පිලිබඳ ආසාවක් ( interested ) නැතිකම.
එහෙම ආසවක් නැති වෙන්නේ අපේ රටේ බොහොමයක් අයගේ රැකියාවන් ස්ව කැමැත්තට වඩා සමාජයෙන් යෙදෙන පීඩනය නිසා තෝර ගත්ත රැකියාවන්. අපේ අධ්‍යාපන ක්‍රමය යල් පැන ගියපු අධ්‍යාපන ක්‍රමයක්. 21 වන සියවසේ රැකියා වෙලඳපොල අරමුණ කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් හෝ තමන්ගේ කැමත්ත අනුව රැකියාවක යෙදෙන්න කුසලතා/දැනුම/ ආකල්ප වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි අපිට තියෙන්නේ.
උදාහරණයක් ගමු.අපි හිතමු කෙනෙක් system එකේ පෙන්නන පාර දිගේ තමන්ගේ අධ්‍යාපනය කරගෙන යනවා කියලා. System එක කිව්වම අධ්‍යාපන ක්‍රමය වගේම සමාජ බලපෑම වගේ සාධකත් ඒකට ඇතුලත් වෙනවා. ළමයෙක් ඉපදිලා වයස අවුරුදු 4-5 දි පෙරපාසල් යනවා.ඊලඟට වයස අවුරුදු 6දී පාසල් යන්න ගන්නවා. ඊටපස්සේ අවුරුදු 4ක් විතර ගියාම ශිශ්‍යත්වයට සූදානම් වෙන්න ඕනේ.ශිශ්‍යත්වය සමත් උනාම 6-9 ශ්‍රේණිය විතර වෙනකන් වාර විභාග වලට මුහුණ දෙනවා. ඊටපස්සේ සාමාන්‍ය පෙලට සූදානම් වෙනවා. ඊටපස්සේ ප්‍රතිඵල අනුව තෝරගන්න විශයන් 5ක් තියෙනවා. කලා/වාණිජ/ජීව විද්‍යා/ගණිතය/ තාක්ශණය. රැකියාවන් විදියට ගත්තොත් අපේ රටේ සමාජ සම්මත සහ දිරි ගන්වන රැකියා තියෙන්නේ ඉතාම අතලොස්සක්. නීතීඥයෙක්, ගුරුවරයෙක්,කලමනාකරුවෙක්, ඉංජිනේරුවෙක් සහ වෛද්‍යවරයක්.. ඊටපස්සේ විශ්ව විද්‍යාලයට ගියොත් එතනින් තියෙන්නෙත් ඉතාම සීමා සහිත රැකියා ඉලක්කගත උපාධි. හරි ඔය ඔක්කොම ඉලක්ක ටික සපුරලා උපාධියක් ගත්තා කියලා සැලකුවොත් ඊටපස්සේ තමා අපේ අධ්‍යාපන ක්‍රමයේ බිඳ වැටීම ආරම්භ වෙන්නේ.මොකද යම්කිසි පුද්ගලයෙක් තමන්ට සමාජය , රජය ඇතුලු මුලු පද්ධතියෙන්ම කිව්ව හරි ක්‍රමයට ගිහින් අවසානයේ රැකියා වෙලඳපලට ගියාම ඒවායින් ඉල්ලන්නේ වෙනම සුදුසුකම්. වෘත්තීය සුදුසුකම් තමා ඉල්ලන්නේ. උදාහරණයක් විදියට අව්රුදු හතරක ගණකාධිකාරණ උපාධියක් කරලා ගියාම ශිශ්‍යයෙක්ගෙන් රැකියා වෙලඳපල ඉල්ලන්නේ charted qualifications, AAT , CIMA..etc වගේ දේවල්. ඒකියන්නේ අධ්‍යාපන ක්‍රමය සාර්ථක වෙලා නෑ රටේ රැකියා අවශ්‍යතාවට ගැලපෙන ආකරයට සුදුසුකම් හදන්න.
ඔය උදාහරණය ගත්තේ වාණිජ අංශයෙන් ගිය කෙනෙක්ට පුලුවන් කරන්න පුලුවන් දෙයක් විතරයි. අපි අනිත් විශයන් විදියට ගත්තොත් කලා අංශයෙන් ගිය කෙනෙක්ට අපේ රටේ දෙන රැකියාව පරිපාලන නිලදාරී. ඒකියන්නේ අධ්‍යාපන ක්‍රමය තුලින් හදන කලා උපාධිධාරියට මේ රටේ ලබා දෙන්න පුලුවන් උපරිම රැකියාව. එතනින් එහාට දෙන්න පුලුවන් රැකියාවක් රට ඇතුලේ නෑ.කලා කරපු මිනිහට නීතීඥයෙක් වෙන්න බැරි උනොත් ඒ මිනිහට හම්බකරන්න රැකියාවක් නෑ පෞද්ගලික අංශය ඇතුලේ. රට තුල පරිපාලන ක්ශේත්‍රයේ රැකියා වසරකට බිහි කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඊට පස්සේ උපාධිධාරීන්ට රැකියා නෑ.
තමන්ගේ ජීවිතෙන් අවුරුදු 20කට ආසන්න කාලයක් system එකෙන් හරී කියලා පෙන්නපු පාරේ ගිහින් අන්තිමේ තමන් බලාපොරොත්තු වෙන දේවල් ජීවිතේ නොලැබෙද්දි තරුණ අසහනය ඇති වෙනවා. ඊටපස්සේ සමාජෙන් හරි කියලා කියපු උන්ට අන්තිමේ සමාජෙම කියනවා "කාලකන්ණි අවුරුදු ගානක් පිනට ඉගනගෙන මුන්ට තව රස්සා දෙන්නත් ඕනේ " කියලා.ඔය කිව්වේ සිස්ටම් එකේ හැම step එකක්ම සාර්ථක කරගෙන රැකියා වෙලඳපලට එනකන් ආව කෙනෙක්ට අත්විඳින්න වෙන දේවල් ගැන විතරයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ අවසානය වෙනකන් හරි විදියට ආව කෙනෙක්ට වෙන්නෙත් ඒ වගේ ඉරණමක්නම් මගදි හැලෙන අය ගැන කියන්න අවශ්‍ය නෑ.
කෙනෙක්ට තර්ක් කරන්න පුලුවන් එහෙනම් ඉගන ගන්න එක තේරුමක් නෑනේ තමන්ගේ දෙයක් කරලා ගොඩ යනවා කියලා. ඔව් එහෙම කරන එක හොඳයි. හැබැයි ඒකෙදි ගැටලු කිහිපයක් තියෙනවා. කෙනෙක් තනියෙන් තමන්ගේ දෙයක් කරන්නත් ඒ කෙනාට මොකක් හරි දෙයක් ඉගන ගන්න වෙනවා.ඒ දේ කරන්න සමහරවිට පාඨමාලාවක් කරන්න වෙන්න පුලුවන්. එහෙම කරන්න වෙන එක තුල තියෙන්නෙත් රැකියා වෙලඳපලට අවශ්‍ය සුදුසුකම බිහිකරන්න බැරි උන එක. ඉතින් system fail !
ප.ලි ( කියවන කොට දේශපාලනික ස්වභාවයක් දැනුනොත් ඒක මගේ වරැද්දක් නෙමේ.කියන වන කෙනා බලන්නේ පාට කණ්ණාඩි දාලානම් ඒකත් මේ අධ්‍යාපන ක්‍රමයේම බයි product එකක්)
අධ්‍යාපන ක්‍රමයේ මූලීකම ගැටලුව රැකියා වෙලඳපලට අවශ්‍ය සුදුසුකම් හදන්න බැරි උන එක සහ ක්‍රමය තුලින් බිහිකරන උපාධිධාරියට සරිලන රැකියාව බිහිකරන්න නොහැකි වීම. අධ්‍යාපනය 21 වන සියවසට ගැලපෙන රැකියා ඉලක්ක කරගෙන උපාධිධාරීන් බිහි කිරීමටත්, බිහිකරන උපාධිධාරීන්ට සරිලන රැකියා රට තුල නිර්මාණය වීමටත් අවශ්‍ය වෙනවා මේක සමතුලිතයට ගේන්න. ඒ සඳහා අධ්‍යාපනය විවිධාංගීකරණය විය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් වීම අවශ්‍ය වෙනවා. එහෙම නොවී මේ යන විදියට ගියොත් මිනිස්සු නිදහස් අධ්‍යාපනය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. සාමාන්‍ය මිනිහට තමන්ගේ හීන වලට යන්න බැරි වෙනවා. තේ දලු නෙලන ලෙච්චමිගේ දරුවටත් වෙන්නේ තේ දලු නෙලන්න. අධ්‍යාපනය අසමත් වීම තුල තියෙන්නේ මිනිස්සුගේ ආකල්ප දියුණු නොවීම. ආකල්ප දියුණු නොවුන තැන මිනිසා කියන්නේ ඉතාම අශීලාචාර සත්වයයෙක්. සියා මිනිබිරී දූශණය කරන එක,අයියා නංගිව දූශණය කරන, මහපාරේ පොලු වලින් ගහලා මිනීමරණ එක, ගැණි හොර මිනිහා එක්ක එකතු වෙලා කසාද මිනිහව මරණ එක කොටින්ම ස්වාධීන මතයකින් ඡන්දය පාවිච්චි කරන්නවත් දැනුමක් නැති සමාජයක් බිහි වෙලා/වෙමින් තියෙන්නේ අන්න ඒ අධ්‍යාපන ක්‍රමයේ අසමත්කම නිසා වෙන්මයි. ලෝකයේ දියුණුයි කියලා සලකන සෑම රටක්ම වගේ අධ්‍යාපනය වෙනුවෙන් අඩුම 8%ක් වත් වෙන් කරනවා ද.දේ.නි යෙන්. හැබැයි කියන්න සතුටුයි අපේ රටේ
2012 - 1.5%
2013 - 1.62%
2014 - 1.93%
2015 - 2.23%
2016 - 3.48%
2017 - 2.80%
ක්‍රමිකව වැඩි වීමක්වත් නෑ. දැන් අද වෙනකොට රටේ වසංගත තත්තවය එක්ක මේක මීටත් අඩු ඇති. කන්න හාල් ටික නැති රටක අධ්‍යාපනයට වෙන් කිරීම් කරනවා ඇති කියලා හිතන්න අමාරුයි. මේක තමා දුගීබවේ දුශ්ඨ චක්‍රය කියලා උසස් පෙලට ඉගන ගත්තේ. උසස් පෙලට පෙලපෙත් ටික මුද්‍රණය කරගන්න බෑ,වැසිකිලි පහසුකම් නැති පාසල්, පානීය ජල සැපයුමක් නැති පාසල්, ගුරුවරයෙක් නැති පාසල්, පරිගණකයක් නැති පාසල්, ක්‍රීඩා ගුරුවරයෙක් නැති පාසල්, ලමයි 500ක් දාගන්න බැරි දේශන ශාලා, නේවාසිකාගාර පහසුකම් නැති විශ්වවිද්‍යාල...දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක එලඹිලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මලගමේ ආරම්භය වෙන්න පුලුවන්.
ලියන්න කරුණු බොහොමයි ඒත්...
- කලකීරීමට පත් රට වැසියෙක්
Comments
Post a Comment