You are a King ! Kings prevail !!
You are a King! Kings Prevail !!
කොල්ලොන්ට!!
මේක විශේෂයෙන්ම ලියන්නේ අවුරුදු 24-30 වගේ වයසේ අවංකව ගේමක් ගහලා ගොඩ යන්න උත්සහ කරන සෙට් එකට. රටේ සහ ගෝලිය වශයෙන් දැන් මේ පවතින තත්තවයත් එක්ක සමාජෙට බැහැලා ගේමක් ගහලා තමන්වයි තමන්ගේ වටේ උන් ටිකවයි ගොඩදාගන්න බලන් ගැට්ටේ හිටපු කොල්ලොන්ට පොඩ්ඩක් අඩියක් දෙකක් පස්සට ගන්න වෙලා තියෙන්නේ.හැබයි මේක ලොකු තීරණාත්මක අවස්තාවක්. මේ වෙලාවේ තමා අතරින්නේ නැතුවම ඉන්න ඕනේ වෙලාව.
හැබයි මේ අපි ඉන්න තත්තවය නිසාම අපේ mindset එක හැදෙන්නෙම පසුගාමී වෙන්න සහ අර පොඩි කාලේ ඉඳන් දැකපු හීන give up කරලා settle වෙන්න.
" දැන් තත්තවේ එක්ක බෑ බන්"
" අරුන් රට කෑවා. අපේ හීන මැරුවා!"
" ලංකාවේ ඉපදුන එකම කරුමයක්"
ඔය වගේ එකී මෙකී නොකී සෘණාත්මක අදහස් නිතරම ඇහෙද්දි සහ පරිහරනය කරද්දි අපි නොදැනම අපේ මනස හැදෙන්නේ බැහැ කියන එක සහ system එකට වැරැද්ද භාර දීලා මුල්ලකට ගුලි වෙන්න.
ඒ විදියට මුල්ලකට ගුලි වෙලා depressed නොවී ඉන්න පල්ලෙහ තියෙන අදහස් ටික වැදගත් වෙයි .
01. තමන්ගේ ගට් ෆීලින් එක විස්වාස කරන්න.
ඔයාගේ ශරීරය තුල ප්‍රධාන චරිත දෙකක් තියෙනවා.
i. ඔයාගේ evolution biological character එක.
ii. ඔයා නිතර ගැටෙන සමාජ වටපිටාවට අනුව අනුවර්ථනය උන ඔයාගේ super ego එක.
මේ දෙකෙන් ඔයාගේ gut feeling එක කියන එක හැදිකා තියෙන්නේ අවුරුදු 10,000 විතර evolution එකකින් ගොඩ නැගුන, ලෝකේ මුතුන් මිත්තන්ගේ අත්දැකීම් ජාන හරහා ඔයාට ලැබුන විශේශ හැකියාවක්. ඉතින් ඒ දේ විස්වාස කරන්න. පෘතිවියේ තිබුන කර්කශ යුග වලදි මිනිසාව වඳ නොවී apex predator කෙනෙක් කරේ අන්න ඒ gut instinct එක. අරමුණු හඹා යද්දි අන්න ඒ animalව නිදහස් කරන්න. මොකද ඔයාගේ super ego එක හැදිලා තියෙන්නේ සමාජේ අරමුණ ඉශ්ඨ කරගන්න මිසක් ඔයාව සාර්ථක කරවන්නම නෙමේ.
02. ලිංග පස්සේ යන සෙවලයෙක් නොවී ඉන්න.
මේකෙන් කියන්නේ නෑ ප්‍රතිවිරුද්ධ ලිංගිකයින්ව නොසලකා හැරලා fake sigma male mind එකක් හදාගන්න කියලා. හැබයි කෙල්ලක් දාගන්න එක මේ වෙලාවේ ප්‍රධන අරමුණ කරගන්න එපා. මොකද affair එකක් පටන් ගත්තත් මේ වෙලාවේ ඒක ඔයාට distraction එකක් වෙන්න පුලුවන් සහ ගෑනු ළමයෙක්ව බලාගන්න තරම් මේ වෙලේ ඔයා financially strong නොවෙන්න පුලුවන්. ඒක ඔයා එයාට කරන සහ ඔයාටම කරගන්න අසාධාරණයක්.
03. Toxic මිනිස්සු අතාරින්න.
සමහරවිට මේ ඔයාගේ ළගම යාලුවෙක් වෙන්න පුලුවන්. පුලුවන්.නැත්තම් office එකේ coworker කෙනෙක්, ඥාතියෙක්, පෙම්වතිය වෙන්න පුලුවන්. හැබැයි ඔයගේ යහපත සහ ඔයාගේ දියුණුව ගැන අවංකව සතුටු වෙන්නෙ නැති, ඔයාව use කරන, ඔයාව manipulate කරන narcisstic machiavellianලගෙන් පරිස්සම් වෙන්න.
04. ඔයාගේ social network එක strong විදියට build කරගන්න. ඔයා ගැන genuinely care කරන worry වෙන මිනිස්සු අඳුර ගන්න. එවගේ අය මුණගැහුනම එයාලටත් genuinely value එකක් දෙන්න. බයිලා දොඩවන, weak මිනිස්සු අතාරින්න. Positive මිනිස්සු සහ තමන්ගේ මතයන්ට අවංකව ගරු කරන අය විතරක් ආශ්‍රය කරන්න.
05. ශක්තිමත් සන්නිවේදන හැකියාවක් වර්ධනය කරගන්න.හිතේ තියෙන දේ කෙලින් කියන්න සහ පැහැදිලිව කියන්න පුරුදු වෙන්න. " නෑ, බෑ" කියන වචන අවශ්‍ය අවස්ථා වලදි පාවිච්චි කරන්න ඉගෙන ගන්න. තමන්ගෙ සීමාවන් හරියට නිර්ණනය කරගන්න සහ ඒවා හරියට සන්නිවේදනය කරන්න. වචන ඔයාගේ ආයුධය කරගන්න.
06. Personal development එක focus කරන්න.
මේක ශාරිරිකව, මානසිකව, ආර්ථිකමය, සමාජීයව සහ අධ්‍යාත්මිකව කියන පැතිකඩ පහෙන්ම දියුණු කරගන්න උත්සහ කරන්න.
07. Ignore the noice.
සමාජ මාධ්‍ය වල සතියෙන සතියට එන රැලි වලට ගැටෙන්න යන්න එපා. ඔයාට පොඩි කාලේ අම්මා තාත්තා කියලා දීපු වටිනාකම් රැකගන්න. නූතනත්වය එක්ක සමාජගත වෙන බටහිර පිරිහුණ සමාජ රටා ප්‍රතික්ශේප කරන්න. මොකද ඒ රටවල් අර්තිකය වශයෙන් දියුණු වීම සහ පිරිහුණ සමාජ රටා එක්ක කිසිම අන්තර් සම්බන්ධයක් නැහැ. ඒ විදියට මවාපාන්න උත්සහ ගන්න කිසි සමජ කියවීමක් නැති, ගොලීය පුරවැසියෙන් විදියට මවාපාන්න උත්සහ ගන්න පිරිසගේ noice එකට react නොකර ඉන්න. නමුත් තමන්ගේ මතය සහ විස්වාසය වෙනුවෙන් පෙනී සිටින්න.
08. Educate yourself
ඉගෙන ගන්න. ලෝකය ගැන, සමාජය ගැන,ආගම දහම ගැන සහ skill එකක් කියන දේවල් ඉගෙන ගන්න. Internet connection සහ smart phone එකක් තියෙනවා නම් මේ දේවල් ඉගෙන ගන්න උවමනාවක් නැත්නම් ආසාර්ථකත්වය ඔයාට ලැබෙන්නම ඕනේ දෙයක්.
09 . ආගමට/දහමට සමීප වෙන්න.
යක්ශයාගේ හොරාව එළබිලා තියෙන්නේ. ඉතින් ඔයාගේ දහම මොකක් උනත් ඒ දේට සමීප වෙන්න උත්සහ ගන්න. බුදුදහම හෝ දෙවියන් වහන්සේ හෝ අල්ලාහ් හෝ කුමන ආගමක්. අධර්මය පැතිරෙන, සමාජය බිඳ වැටෙන මේ මොහොතේ ඔයගේ මනස සහ ආධ්‍යාත්මය ශක්තිමත්ව තියාගන්න ඒක උපකාරි වේවි.
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
-
ප්‍රමෝද් දිල්ශාන්
@abnormalthinker2021@blogspot.com
14/04/2023 12:52AM
Comments
Post a Comment