Human,Universe and first cause of mental dissorders [Another way of looking at the world]
ලෝකය දකින්න තවත් විදියක්
විශ්වය කියන එක හරි පුදුමාකාර අත්දැකීමක්.ඒක හරියටම විඳින්න නම් අපිට මනුශ්‍ය ආත්මභාවයක් ලබන්නම ඕනේ.මනුශ්‍ය ආත්මභාවයක් ලැබීමේ සොඳුරුම දේ තමයි අතිවිශාල තර්කන හැකියාවකින් යුත් මොලය නැමැති ඉන්ද්‍රියක් ලැබීම.හැබයි මොන තරම් ලොකු චිත්ත ශක්තියක් තිබුනත් මේ මොලය මධ්‍යගත වෙලා තියෙන්නේ එකම එකම අරමුණුක් වෙනුවෙන් විතරයි.ඒ තමා "පැවැත්ම", ශරිරයේ පැවැත්ම සහ වර්ගයාගේ පැවැත්ම. මේ අරමුණ සාක්ශාත් කරගන්න මොලයට මොලයට අවශ්‍ය වෙන්නේ ප්‍රධාන සාධක දෙකයි.
1.ආහාර
2.ප්‍රජනනය
හිතලා බැලුවොත් අපි කරන හැම දෙයක්ම වගේ මේ සාධක දෙක වටා තමා අනිකුත් සියලුම දේ කේන්ද්‍රගත වෙන්නේ.උදාහරණයක් විදියට ළමයෙක් ඉපදුනාම කරන්නේ ඉගන ගන්නවා මූලික පැවැත්මට අවශ්‍ය දේවල්.මූලික ශරීර කෘත්‍යයන්,සන්නිවේදන හැකියාව සහ අනිකුත් ශරීරික හැකියාවන්.ඊට පස්සේ ඉගෙන ගන්නවා සමූහයක් එක්ක කටයුතු කරන ආකාරය (පෙරපාසල් අවදිය),ඊටපස්සේ ඉගෙන ගන්නවා වෘත්තීයක් සඳහා ( 1-13 දක්වා අධ්‍යාපනය / උසස් අධ්‍යාපනය/වෘත්තීය අධ්‍යාපනය...).මේ රැකියාව කියන දේ පරිනාමය සමඟ ඇති වුන සංකල්පයක් එහෙම නැත්නම් දඩයම කියන දේ පරිනාමීය අදියරය විදියට හඳුන්වන්නත් පුලුවන්. කෙසේ නමුත් රැකියාව කියන දේ තුලින් මිනිසා තමන්ගේ ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න එක තමා ප්‍රධානම කාර්‍යය වෙන්නේ.කන්න එදා වේල හම්බකරගන්නවා කියන්නේ ඒකයි.ඒබ්‍රහම්ගේ අවස්ශ්‍යතා ධූරාවලියේ මූලිකම අදියරය ආහාර වෙන්නෙත් ඒනිසයි.කෙසේ හෝ ආහාර කියන අවශ්‍යතාව එහෙම නැත්නම් ශරීරික පැවැත්ම තහවුරු කරගත්තට පස්සේ තමා දෙවනි අරමුණ එහෙම නැත්නම් වර්ගයාගේ පැවැත්ම කියන අරමුණට එන්නේ.
සාමාන්‍යයෙන් ශාරිරිකව ප්‍රජනනයට සුදුසු වයස ආවම අපි ප්‍රජනනය කියන අරමුණ වෙනුවෙන් කටයුතු කරනවා.පාසල් ප්‍රේමය කියන සංස්කෘතිය එන්නේ එතනදි.හැබයි මේ ප්‍රේමය කියන කඩතුරාවෙන් වැහිලා තියෙන්නේ මොලයේ වෙන රසායනික ක්‍රියාවලියක්.ප්‍රේමය කියන්නේත් වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් සිදුකරන ප්‍රජනන කාර්‍ය වඩාත් රසවත් වෙන්න සහ සභ්‍ය වෙන්න යොදා ගත්ත පොඩි ට්‍රික් එකක්.
ඉතින් සාමාන්‍යයෙන් මිනිසා පරිනත වයසට ආවට පස්සේ තම ශරීරයේ පැවැත්ම තහවුරු කරගත්තට පස්සේ තම වර්ගයාගේ පැවැත්ම කියන අරමුණට කටයුතු කරන්න පටන් ගන්නවා.අතීතයේ නම් අතිශය ප්‍රාථමිකව සිදු වුන කාර්‍යයක් උනත් වර්තමානයේදී ඒක විවාහය නම් වූ සංකීර්ණ කාර්‍ය්‍යක් වෙලා තියෙන්නේ මේ කියපු වර්ගයාගේ පැවැත්මම තමයි.
මේකේ රසවත්ම කොටස තමා මේ කියන අරමුණු දෙක ඉටු කරගන්න කෙනෙක් අසමත් වෙනවා නම් මොලෙන් හරි අපූරු රසායනික ක්‍රියාවලියකින් මේක අපිට දැනුම් දෙනවා.ඒ තමා මානසික රෝග.
මෙතනදි මූලිකම වශයෙන්
- Depression
- Anxiety
Depression එහෙම නැත්නම් විශාදය කියන දේ ඇති වෙන්නේ අතීත සිදුවීමක් පාදකව.ඒ කියන්නේ කෙනෙක් මූලික අරමුණු දෙක ඉටුකරගන්න නොහැකි උනොත් ඒක දැනුම් දෙන්න මොලය ගන්න ක්‍රියාමාර්ගය.උදාහරණයක් ගත්තොත් ආහාර සපයගන්න නොහැකි වීම ( වර්තමානයේදි නම් රැකියාවක් නොමැති වීම), එහෙම නැත්නම් වර්ගයා බෝ කිරිම සඳහා තෝරගත් සහයකයාගේ වෙන්වීම වගේ දේවල්.
Anxiety එහෙම නැත්නම් සාංකාව කියන දේ ඇතිවෙන්නේ අරමුණු ඉටු කරගන්න නොහැකි වේ යැයි මොලයට හැඟුනොත් ඒ සඳහා කරන පෙර දැනුම් දීම.උදාහරණයක් ගත්තොත් රැකියාවක් නොලැබේ යැයි හැඟීම,දිගුකාලීන සම්බන්ධයක් ඇති කරගැනීමට නොහැකි වේ යැයි හැඟීම වගේ දේවල්.
ඉතින් මේ හැම දෙයක්ම දිහා නිරීක්ෂණය කරාම එලඹෙන්න පුලුවන් නිගමනය තමා අප වටා සිදුවෙන හැම දෙයක්ම වගේ අතිශය විද්‍යාත්මක සංසිද්ධින් කියන එක.හොඳින් නිරීක්ෂණය කරොත් මේ හැමදෙයක්ම එකම අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන system එකක් අවබෝධ කරගන්න පුලුවන්. මේ සිස්ටම් එකෙන් කෙනෙක් පිටට ගියොත් අන්න එතනදි ඒ පුද්ගලයා විශ්වය අතික්‍රමණය කරා කියන්න පුලුවන්. කලින් කිව්ව විදියට system එකේ අරමුණ තමා system එක අඛණ්ඩව පවත්වා ගැනීම.ඉතින් කෙනෙක් තමන්ගේ මොලය කේතනය වෙලා තියෙන මූලික අරමුණ අභිබවා ගියොත් ඒ කියන්නේ පැවැත්ම කියන අරමුණට අභියෝග කරලා ඒකෙන් ජයග්‍රහණය කරොත් අන්න ඒ කෙනාට මේ system එක නිසා විඳින්න වෙන දුක නැති කරන්න පුලුවන්.
ඉතින් හැමදේම විද්‍යාත්මකව බලන්න ආරාධනා කරනවා.
Comments
Post a Comment