The Stress - ආතතිය ( පලමු කොටස )

​" The Stress - ආතතිය " 

ශ්‍රී ලංකාවේ වර්තමාන අරගලය සහ ඒ හා සම්බන්ධ විවිධ කරුණු පිලිබඳව - දේශපාලනමය, මනෝවෛද්‍යත්මක සහ සමාජවිද්‍යාත්මක දෘශ්ඨිකෝණයකින් දිග හැරෙන ලිපි පෙලකි.

...........................…………………………………………….


ටික කාලයක් තිස්සේ සමාජ වටපිටාව, ආර්ථික තත්ත්වය, මානසික පීඩනය වගේ මේ දවස් වල බහුතරයක් ශ්‍රීලාංකික ජනතාව අත්විදින කාරනා නිසා අරගලය ගැන හරි වෙන මොකක් හරි දෙයක් ගැන ලියන්න හෝ කතා කරන්න ලොකු උනන්දුවක් තිබ්බේ නෑ. ඒ වගේ වෙලාවට කරන්න පහසුම දෙයක් තමා තමන්ගේ මානසික පීඩාවට හේතු වෙන කාරණා වලින් පොඩි විරාමයක් ගන්න එක. මොකද අපි හැම කෙනාගෙම මානසික ධාරිතාවයන් එකිනෙකට වෙනස්. මොලයට ලැබෙන තොරතුරු සහ දත්ත process කරන්න පුලුවන් වේගයන් එකිනෙකාට වෙනස්. ඉතින් යම්කිසි කෙනෙක්ට ඒ වගේ ආතතියක් දැනෙනවා නම් කරන්න පුලුවන් පහසුම දේ තමා, තමන්ගේ මොලයට කළමනාකරණය කරගන්න පුලුවන් ප්‍රමාණයට පමණක් දත්ත සහ තොරතුරු, ආදානය කර ගැනීම.


තවත් විදියකට කිව්වොත් stress එකක් ඇති වෙන්න හේතුකාරක වෙන stimulis වලින් කෙටි විවේකයක් අරගෙන, දැනට තියෙන දත්ත වලින් තමන්ගේ විදියට හරියට ගැලපෙන්න ඒ ටික process කරගන්න එක. 


අන්න එහෙම process කරගත්තම කෙනෙක්ට පුලුවන් වෙනවා අලුතෙන් එන දත්ත ගැන විචක්ෂණශීල විදියට බලන්න.

-------------------------


මිරිහාන අරගලය සහ ගෝල්ෆේස් අරගලය මුල් කාලයේදි මන් පෞද්ගලිකව ඒ සිදුවීම් දිහා බලපු විදිය සහ ගෝල්ෆේස් වලට පහර දීම සහ ඉන් පසු ඇති උනු විවිධාකාර සිදුවීම් නිසා දැන් මන් දකින විදිය අතරේ ලොකු විශමතාවක් තියෙනවා.


 යූටෝපියාවක් බලාපොරොත්තුවෙන් හිටපු මගේ ඒ සිහිනය බිඳ වැටුන නිසා සහ ඒ සිහිනය සැබෑවක් වීම යථාර්ථයෙන් කොච්චර දුරද කියලා අවබෝධ වීම එක්ක උඩ කිව්ව විදියට ධාරිතාව ඉක්මවා යන බව තේරුන නිසා පොඩි විරාමයක් අරගෙන ආයෙම කල්පනා කරලා බලද්දි මග ඇරුනු ගොඩක් දත්ත සහ තොරතුරු පේන්න පටන් ගත්තා. 


ඉතින් ඒ දේවල් ගැන ඉදිරි දවස් කිහිපයේදි හෑලි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා.


හැමදාම කියනවා වගේ - කියවන එකෙක් කියවපන්, කියෙව්වේ නෑ කියලා මට වැඩකුත් නෑ. කවදාහරි මන් කිව්වා කියන්න නිසා ලියලා තියනවා.


ප.ලි - ඉදිරියේදි,

  • සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේශණ වාදය
  • කාල් මාක්ස්ගේ මාක්ස්වාදය
  • පරිනාමය සහ දේශපාලනය
  • The Chaos 
  • Gen Z සහ ශ්‍රීලංකාවේ ඉදිරිය
  • ඇයි ජෙප්පොම?

- ප්‍රමෝද් දිල්ශාන්  (05/07/2022 01:12AM )

Comments

  1. ලංකා රාජ්‍යයේ ජීවත් වීම ආතතිය වැඩිවී ලේ නහරයක් පිපිරීමට හේතුවේ

    ReplyDelete

Post a Comment