ආදරය ලෝකෝත්තර ඇයි?

ආදරේ ආදරෙන් දෙවන ලිපියට පසු ලියුම.

ලෝකෝත්තර ආදරයත් එහෙම සංකල්පයක් කියන වචනය තුලම බෞද්ධ ආභාශයක් දැනෙම එක ස්වාභාවිකයි. ඒකෙ පැහැදිලි කිරීම මෙහෙමයි. බෞද්ධ දර්ශනයට අනුව සත්වයෙක් ඉපදීමම දුකක් විදියටයි සැලකෙන්නේ.අපි දුක, සතුට වශයෙන් අත්විඳන හැඟීම් කිසි දෙයක් ස්ථාවර නෑ. ත්‍රිලක්ශණයෙදි පැහැදිලි කරන ආකරයට ලෝකේ පවතින සෑම දෙයක් අනිත්‍යයි . එනම් නිතර වෙනස් වෙන ස්වභාවයයි. ඒ අනුව කිසිවක් ස්ථිර නොවන ලෝකයක දැනෙන හැඟීමක් ස්ථිර වීමට හැකීයාවක් නෑ. එසේනම් ඔබ විඳින සතුට ස්ථිර නැත්නම් එහි සතුටු වීමට කරුණක් නෑ. ඒ ආකරයෙන් ඉපදීමම දුකක් එනම් දුඛ්කයි. එසේම අපිට මේ දුක සතුට ආදී කිසිම දෙයක් පාලනය කිරීමට ඇති නොහැකියාව තමා අනාත්ම වශයෙන් දක්වන්නේ. ඒ ආකරයෙන් ඉපදීමම දුකක් නම් ඒ දුකෙන් මිදෙන ආකරයක් තිබිය යුතුයි. අන්න ඒ මාර්ගය සොයා යාම තුල සියල්ල කෙරෙහි දැක්වූ අසීමිත ආදරයක් තියෙනවා. ඒ අනුවයි මනුශ්‍යෙක්ට පුලුවන් අසීමිත ආදරය ලෝකෝත්තර සංකල්පයක් කියලා අදහස් කරේ.  

Comments