ආදරේට ආදරෙන් - පලමු ලිපිය ( chapter 01 )
ආදරේට ආදරෙන්..
"දෙන්නෙක් අතර ඇති වෙන බැඳීමක් එහෙම නැත්නම් තවත් ගැඹුරට කිව්වොත් ආධ්‍යාත්මික බැඳීමක්.දෙන්නෙක්ගේ මානසික මට්ටම් එකිනෙකට සමාන්තර වෙන මොහොතක්."
"දෙන්නෙක් අතර ඇති වෙන අවබෝධය,එකිනෙකාට ගරු කිරීම,නිදහස දීම, සෙනෙහස, ශෘංගාරාත්මක විඳීමක්.මිනිහෙක්ට ලබන්න පුලුවන් උපරිම සතුට තමා තමන්ව තේරුම් ගත්ත තමන්ට ආදරේ කරන කෙනෙක් ලැබෙන එක.ගැහැනියෙක්ටත් ඒක එහෙම්මයි.එතන තියෙනවා ආදරය සහ ලිංගිකත්වය දෙකම අඩු වැඩි වශයෙන්.දෙපාර්ශවයටම මනුශ්‍යත්වයේ උපරිම සතුට අත්දකින්න පුලුවන් අවස්තාවක් ඒක."
"ගැහැනියෙක් මිනිහෙක්ට ආදරේ නම් බිරිඳකගේ වගකීම් කිසි විටකත් පැහර හරින්න හොඳ නෑ.පෙම්වතියක් උනත් එහෙමයි.ගරුත්වය,ස්වාමිභක්තිය,දෙමව්පියන්ට සැලකීම, වගකීම් ඉටු කිරීම අනිවාර්යයෙන් කරන්න ඕනේ.සැමියෙක් උනත් එහෙමයි.බිරිඳට සපයන්න ඕනේ.ඇයට අවශ්‍ය ආදරය සෙනෙහස දෙන්න ඕනේ.ඇගේ මව්පියන්ටත් තමන්ගේ අම්මට තාත්තට වගේ සලකන්න ඕනේ.(පෙම්වතුටත් මේ දේ විදියටමයි)"
"හැබැයි ඔය මොන සුරංගනා කතා වලින් කිව්වත් ආදරේ කියන්නෙත් මේ ලෝකේ පැවැත්ම වෙනුවෙන් තියෙන ක්‍රියාවලියට මිනිස්සු හදාගත්ත පොඩි කැටයමක්. මේ ලෝකේ ජීවියේ පැවැත්ම රඳා පවතින්නේ ප්‍රජනනය නිසා.ප්‍රජනනයෙන් තොර ජීවයේ පැවැත්මක් නෑ.ප්‍රජනනය කියන්නේ සත්වයෙක්ගේ dna වල ලියවිලා තියෙන primary code එක.ප්‍රජනනය කියන කාර්ය විතරක් තියෙන මට්ටමට අපි කියන්නේ ලිංගික එකතු වීමක් කියලා.මේ දේ ආදී මානවයගේ ඉඳන් මේ දක්වාම සිද්ද උන කාර්‍යයක.ඒක ඉස්සරහටත් ඒ විදියටම සිද්ද වෙනවා. ඒ කාලේ නම් ප්‍රජනනය මෙච්චර සංකීර්ණ දෙයක් නෙමේ. Male dominant society එකක් තිබ්බේ.ප්‍රජනනය නිසා ලැබෙන වින්දනය එහෙම නැත්නම් සුරාන්තය අවශ්‍ය උනා නම් පොල්ලක් අරන් ගියා ඔලුවට දෙකක් දුන්නා.උස්සගෙන ඇවිත් ගල් ගුහාවට දාගෙන වැඩේ දෙන්නයි තිබ්බේ.(අර ගිරිපුර ඇත්තො එකේ වගේ ) ඒ කාලේ මනුස්සයා මානසිකව එච්චර දියුනු නෑ. තනිකර කැලෑ සතෙක්. Civilized නෑ.නෑ.ඉතින් ප්‍රජනනයය civilized වෙයියැ.
හැබැයි ගල් යුගේ,එඬේර යුගේ,කෘශි යුගේ,කාර්මික යුගේ,තාක්ශණ යුගේ ඉඳන් කෘතිම බුද්ධිය දක්වා මිනිස්සු ආපු ගමනේදි හැම දෙයක්ම civilized උනා.ඒත් එක්ක ප්‍රජනනය කියන කාර්‍යයත් විකාශනය වෙලා තියෙනවා.එහෙම විකාශනය වෙද්දි මිනිස්සු ඉස්සර දැකපු එක උස්සන් ආපු සංස්කෘතියෙන් ජීවිතේටම එක සහකාරයෙක් විතරයි කියන මට්ටමට සිවිලයිස්ඩ් වෙලා තියෙනවා.ජීවිත කාලෙම එකට ඉන්න ඕනේ නිසා දෙන්න අතර ද්වීපාර්ශික එකඟවීමකට එනවා.ඒකට කියන්නේ විවාහය එහෙම නැත්නම් marriage එක.
ඕක තව සිවිලයිස්ඩ් වෙද්දි දැන් අපි අර ප්‍රජනන කාර්‍යය රසවත් වෙන්න ඕනේ නිසා අපි ලිංගිකත්වයට ශෘංගාරාත්මක රසයක් එකතු කරනවා.ශෘංගාරයේ උපරිමයටත් එහා ගිහින් ආදරේ කියන මට්ටම යනවා."
ඔය ඕනේ විදියටකට අපිට ආදරේ දකින්න පුලුවන්.ආදරේ ගැන එක එක පුද්ගලයෝ විවිධ කාල වලදි විවිධාකාර අර්ථකථන දීලා තියෙනවා.ආදරේ ගැන තරම් මේ ලෝකේ අපි කතා කරන වෙනත් මාතෘකාවක් නැතුව ඇති. කලාකාරයෝ, දර්ශනවාදියෝ,දේශපාලකයෝ,සමාජ ක්‍රියාකාරීන්, සාමාන්‍ය මිනිස්සු; මේ හැම කෙනෙක්ටම ආදරේ ගැන විවිධ අර්ථකථන තියෙනවා.
පොත්, ගීත,චිත්‍රපට ,මූර්ති,චිත්‍ර මේ ඕනෙම කලාවක ආදරය ගැන මොන යම් ආකරයකින් හෝ කතා කරනවා. Blog එකේ මුලදිම මන් කිව්වේ මොනාද කියලා කෙනෙක්ට හිතෙන්න ඕනේ වෙද්දි.මොකද කිව්ව දේවල් එකකට එකක් පරස්පර විදියට හෝ හැම එකම එකයි නේද කියල සැකයක් මතු වෙන්න ඕනේ. ඔව් ඒ ආදරය එක එක සමාජ තල වල දකින ආකරය ගැන මට දැනෙන ආකරය ඒ.
ඉහතදි කිව්වා වගේ ප්‍රජනනය පරිනාමය උනා ලිංගිකත්වයට.ලිංගිකත්වය පරිනාමය උනා ආදරයට.ආදරය සෙනෙහසට, සෙනෙහස නිදසහට,නිදහස තුල ආධ්‍යාත්මික බැඳීමකට යනකම් අපි මේ ගමනේ ඇවිත් තියෙනවා. ඒ කියන්නේ අපි මිනිහෙක්ට භෞතික වශයෙන් සහ ජීව විද්‍යාත්මක වශයෙන් උච්චතම අවස්ථාවට අපි එනවා.ආදරේ හරිම අර්ථකථනය අත් විඳින්නේ අපි අන්න එතනදි.
මේක මිනිසා පියවරෙන් පියවර ආව ගමනක් වගේම මේක අද ඉපදෙන දරුවත් ජීවිතේ ක්‍රමයෙන් එන ගමනක්.කෙනෙක් පලවෙනි ආදරෙන්ම අධ්‍යාත්මිකව එකතු වෙන ආදරේකට යන්නේ නෑ. මුල්දි ආකර්ශනීය මත පදනම් උන ආදරයක්.ඊට පස්සේ අනෝන්‍යය අවබෝධය, ඊටපස්සේ ආදරය සෙනෙහස...ඔය විදියට පියවරෙන් පියවර එන ගමනක් ඒක.සමහර විට ඔබට ජීවිතේ ලබන පලවෙනි ආදරය තුලින්ම මේ සියලු පියවර සම්පූර්ණ කරන්න පුලුවන්.නැත්තම් සම්න්ධතා කිහිපයක් තුල මේ ගමන එන්න පුලුවන්. සමහරු ගමනාගමනයටම එන්නේ නෑ.ඒ අය මග නවතිනවා.නැත්තම් එකම තැනක නතර වෙලා ඉන්නවා.සමහර අතරමන් වෙනවා.
හැබැයි ආදරේ,ආදරෙන් විඳින්න නම් මේ කටුක ගමන එන්නම වෙනවා.ගිහින් බලන්න අනිවාර්යයෙන්ම.ඒක ඔබට ලබන්න පුලුවන් සුන්දරම අත්දැකීම ඒක වෙන්න පුලුවන්.
කෙනෙක්ට ආදරේ උපරිමයට ගිහින් එතනින් ඒහාට ගමනක් ගැන දකින්න ආසාවක් එන්න පුලුවන්. නමුත් ඔබට ආදරයේ යා හැකි උපරිම දුර එපමණයි.ඒ කියන්නේ ජීව විද්‍යාත්මකව එතනින් ඒහාට අපිට civilized වෙන්න දෙයක් නෑ.
හැබැයි මන් උඩදි කිව්වනේ මේක එකම ලොකු ගමනක් කියලා.ආයෙම මතක් කරනවා නම්...
මුලින්ම අපි පටන් ගත්තේ basic ප්‍රජනනය කියන තැනින්. ඒක එහෙම උනේ මොකද ප්‍රජනනය අපේ binary dna වල තියෙන මූලික කේතය එහෙම නැත්නම් primary code එක ඒක නිසා. ඒකෙන් පස්සේ අපි ආවා ලිංගික කාර්‍යය කියන මට්ටමට.එතන්දි එක සහකාරයෙක් කියන තැනට ඇවිත් ඒකට නෛතිකභාවයකුත් දුන්නා.ඊට පස්සේ ආවා අපි ආදරය, සෙනහස...ආදි වශයෙන් ඇවිත් අන්තිමට ආවා ආධ්‍යාත්මික සම්බන්ධයක් වෙනකන්. ඉතින් ජීවවිද්‍යාත්මකව සහ සමාජවිද්‍යාත්මකව අපිට එන්න පුලුවන් උපරිමයට ඇවිත් ඉන්නේ.මෙතනින් එහාට අපි බෑ අපේ සාමාන්‍ය විශය පද්ධතියකින් තව දුරටත් ආදරේ විග්‍රහ කරන්න.
එතනදි ආදරේ ගැන සහ ආදරේ අපි කතා කරපු perfect civilized level එක එහෙම නැත්නම් ආධ්‍යාත්මික බැඳීමට එහා කතා කරන ආදරයක් ගැන කතා කරන ලස්සනම විශය තමා බුදුන් වහන්සේගේ බුද්ධ දර්ශනය. ලෞකික මට්ටමින් එහාට ගිහින් ලෝකෝත්තර ආදරය ගැන දකින්න පාරක් පෙන්නවා ඒ තුල.
ලෝකයේ කෙනෙක්ට කල හැකි උපරිම ආදරේ ගැන ලෝකෝත්තර දෘශ්ඨියකින් කතා කරමු ඊලඟ ලිපියෙන්...
සටහන : ප්‍රමෝද් දිල්ශාන් 06/08/2021 01:20
මේ වෙනකන් මේක කියවපු අයගෙන් පුංචී ඉල්ලීමක් කරනවා.ඔබගේ ප්‍රතිචාර ඉතාම වැදගත් මේ ලිපි පෙලට.හැමෝටම ජය!
Comments
Post a Comment