Depression
15-100,000
ඉහතින් දැක්වෙන්නේ ශ්‍රීලංකාවේ වාර්ශික සියදිවි නසා ගැනීමේ අනුපාතය.ලක්ශයකට 15 දෙනෙක්. මිලියන 22ට වාර්ශිකව 3300 දෙනෙක් සිය දිවි නසා ගන්නවා.
මනුස්සයෙක්ට සියදිවි නසා ගන්න හිතෙන තත්ත්වයට පත් වෙන්න බලපාන ප්‍රධාන හේතුව මානසික පීඩනය. ආර්ථිකමය,සමාජීය හෝ පෞද්ගලික හේතු මත කෙනෙක්ට මානසික පීඩාවක් ඇති වෙලා ඒක දරා ගන්න බැරි මට්ටමට පත් උනාම.මේ මානසික පිඩාවේ දරාගන්න බැරි මට්ටම කියන එක අහසින් පාත් උනා වගේ එකපාර එන්නෙ නෑනේ.ඒක ක්‍රමානුකූලව ක්‍රියාවලියක්. ඉතින් අද ලිපියෙන් කතා කරන්නේ අන්න ඒ ගැන.මේ ගැන ඕනේ තරම් ලිපි අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්. නමුත් මේ දේවල් වල විද්‍යාත්මක පැත්ත ගැන කෙටි පැහැදිලි කිරීමක් සහ තවත් අමතර කරුණු කිහිපයක් මේ තුලින් කතා කරන්න උත්සහ කරනවා.
සැ.යු: මා මනෝවිද්‍යාඥයෙක් හෝ ඒ පිලිබඳ අධ්‍යාපනයක් ලද අයෙකු නොවේ.හුදෙක් මාගේ අත්දැකීම් සහ කරන ලද අධ්‍යයනයන්හි සාරාංශයක් පමණක් මෙහි අන්තර්ගත වේ.
අපේ ශරීරය ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රධානවම අපේ මොලය මූලික කරගෙන.හුස්ම ගන්න එකේ ඉඳන් මලපහ කරන එක දක්වා ප්‍රධාන විධානයන් ලබාදෙන්නේ මොලය විසින්.අපි හිතන පතන විදිය පවා ක්‍රියාත්මක වෙන්නෙ මොලය හරහා.
ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක තවම මානසික රෝග ගැන තියෙන්නේ පසුගාමි අදහස්.කොල්ලෙක් යම් දෙයක් නිසා අඬනවනන් වටේ මිනිස්සු කියන්නේ " ආපෝ කෙල්ලෙක් වගේ අඬන්නේ නැතුව කොල්ලෙක් වගේ ඉඳපන්කෝ " , කෙනෙක්ට යම්කිසි මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නවා දැන ගත්තොත් " අපෝ පිස්සෙක් " ඔන්න ඔය වගේ තත්ත්වයක් තමා තියෙන්නේ.
නමුත් අපි හැමදෙනෙක්ම දැන ගන්න ඕනේ කාරණාව තමා අපේ හැඟීම් දැනීම් කියන දේවල් සුබවාදි වෙන්නේ අපේ මොලය නිරෝගිව තියෙනවද කියන එක මත.
අපේ හදවත් ලෙඩ උනොත් අපි ඒකට ප්‍රතිකාර කරනවා.බයිපාස් කරනවා.වකුගඩු නරක් උනොත් වකුගඩු බද්ධ කරනවා.තුවාලයක් උනොත් බෙහෙත් දානවා.උණක් හෙම්බිරිස්සාවක් හැදුනොත් බෙහෙත් ගන්නවා.නමුත් අපේ මොලය අසනීප උනොත්?
කීයෙන් කිදෙනෙක්ද අපේ සමාජේ ඒවගේ දෙයක් ගැන යතාර්ථවාදිව බලන්නේ? සමාජය දකින දේ කොහොම උනත් අපි උනත් අපිට දරාගන්න බැරි පීඩනයක් ආවොත් මනෝවෛද්‍යවරයෙක් හම්බෙන්න යයිද? මට දාරගන්න පුලුවන් කියලා හිතලා ඉන්නවා මිසක් අවශ්‍ය ප්‍රතිකාරකයකට යොමු වෙන්නෙ බොහොම සීමිත පිරිසක්.
මානසික රෝග විවිධාකාර වශයෙන් බෙදා වෙන් කරන්න පුලුවන්.ඒ අතරින් බහුලම තත්ත්වය වෙන්නේ විශාදය සහ සාංකාව.එහෙම නැත්නම් depression & anxiety.
depression පිලිබඳව විතරක් මේ ලිපියෙන් කතා කරන්නම්.
විශාදය නැත්නම් depression : දිගුකාලීනව පවතින අහේතුක ශෝකය නිසා එදිනෙදා වැඩ කටයුතු කරගැනීමට පවා අපහසු තත්ත්වයක් විදියට හඳුන්වන්න පුලුවන්.
Depression තත්ත්වය minor - severe පරාසය දක්වා විහිදෙනවා.
Science behind depression.
අපේ මොලය ක්‍රියාත්මක වෙන්නේ හෝමෝන ක්‍රියාවලියක් හරහා.මොලයේ නිපදවන විවිධ හෝමෝන අතරින් serotonin සහ dopamine කියන හෝමෝන දෙක තමා අපේ mood එකට බලපාන්නේ. ඩොපමීන් රසායනිකය මගින් අපිට සතුටත් oxytocin මගින් ආතතිය සහ දුක කියන හැඟීම් ඇති වෙනවා.
Serotonin හෝමෝනය මගින් තමා අපේ mood stability එක,නින්ද,ආහාර ජීර්ණය වගේ දේවල් පාලනය වෙන්නේ.
Depression කියන තත්ත්වය ගහෙන් ගෙඩි එන්න වගේ ඇති වෙන තත්ත්වයක් නෙමේ. යම් සිද්දියක් මූලික කරගෙනත් නෙමේ.මේ තත්ත්වය ඇති වෙන්නේ සිදුවීම් කිහිපයක් මූලික කරගෙන.
පුද්ගලයෙක් දිගින් දිගටම පීඩනයක් ඇති වෙන ආකාරයේ සිදුවීම් මාලාවකට මුහුණ දෙද්දි මොලයේ රසායනික වෙනස් කම් ඇති වෙනවා. Serotonin ක්‍රියාවලිය විකෘති තත්ත්වයට පත්වීම හරහා අපේ mood stability එක, appetite එක,නින්ද වගේ එදිනෙදා ක්‍රියාවලින් පවා විකෘති වෙනවා.
ඉතින් මේ නිසා ආහාර අරුචිය,නින්ද නොයෑම,නිතර දුකින් සිටීම සහ හැඟීම් පාලනය කරගැනීමට නොහැකිව වගෙ ලක්ශණ ඇති වෙනවා.මේ ලක්ශණ වලින් තමා මනෝවෛද්‍යවරයෙක් රෝග විනිශ්චය කරන්නේ.
ඉතින් මේ serotonin අසමතුලිත බව ප්‍රකෘතිමත් කරන්න භාවිත කරන්නේ SSRI ( selective serotonin reuptake inhabitor ) කියන drug category එක.මේ හරහා සෙරටොනින් ක්‍රියාවලිය ප්‍රකෘතියට පත් කරනවා.
ඉතින් මේ මොලය එක්ක කරන ගනුදෙනුව කෙනෙක් සුලුවට ගන්නවා නම් ඒක ඉතාමත් කණගාටු දායක තත්ත්වයක්.මොකද ඒක නිකන් හෘදයේ රෝගයකට අවශ්‍ය ප්‍රතිකාර නොකර ඉන්නවා වගේම භයානක තත්වයක්.ඊටත් වඩා භයානකයි.
අනිත් කරුණ තමා මේ රසායනික ක්‍රියාවලිය අසමතුලිත වීමට අවශ්‍ය ප්‍රතිකාර නොකලොත් එය තව දුරටත් වර්ධනය වීම.
විශාදය උග්‍ර වීමෙන් ජීවිත් වීමේ අරමුණ පිලිබඳව ප්‍රශ්න කරන තත්ත්වයට පත්වීම හෝ එසේත් නැත්නම් තමා අවට දේට අසංවේදි වීම ( emotionally disconnected ) ඇති වෙන්න පුලුවන්.මේ තත්ත්වය නිසා ඔබට ඔබවත් අවට සිටින අයත් අහිමි වෙන්න පුලුවන්.
ඉතින් කෙනෙක් දිගින් දිගටම අහේතුකව දුකින් ඉන්නවා නම් ඒ ගැන හොයලා බලන්න.මොකද depression severe වෙන්න කලින් emotional support එක හරහා නැවත යතා තත්ත්වයට පත් කරගන්න පුලුවන්. ඒනිසා ඔබ වටා සිටින අයට කරුණාවන්ත වන්න. වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය යැයි සිතනවා නම් නොපැකිලී ඒ සඳහා යොමු වෙන්න. ඔබ රෝග විනිශ්චය කරනවට වඩා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ සහාය ලබා ගන්න.
සැමට නිරෝගී මනසක්!
Greate
ReplyDelete