Buddhism and Buddhist Culture

බුදුදහම,බුද්ධාගම,පංසල සහ බෞද්ධ සංස්කෘතිය 


මුලින්ම කියන්න ඕනේ මන් මේ කියන දේවල් වලට යමෙක් එකඟ වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්.ඒ සඳහා සම්පූර්ණ අයිතිය පාඨක ඔබ සතුයි.ඒ වගේම මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මා සතුයි.මේ ලිපිය පිටුපස කිසිදු සැඟවුණු අරමුණක් නැති අතර කිසිදු පාර්ශවයකට අපහාස කිරීම හෝ අපහසුතාවට පත් කිරීමේ අරමුණක් නොමැති අතර හුදු බුදුරජුන් විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය හැදෑරීම කෙරෙහි උනන්දුවක් ඇති කිරීම පමණක්ම මෙහි පරමාර්ථය වේ.තම තම නැණ පමණින් කියවා තේරුම් ගන්න.


බුදු දහම කියන්නේ මොකක්ද?

කල්ප කාලාන්තරයක් පාරමීදම් පුරලා අවසන් ආත්මභාවයේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නමින් උපත ලැබ වසර විසි 29ක් රජ සැප විඳ ඉන් පසු ගිහිගෙය හැර ගොස් වසර 6ක් දුශ්කරක්‍රියා කර අවසානයේ සියල්ල නුවනින් අවබෝධ කළ ධර්මය ( කරුණු) බුදුදහම ලෙස හදුන්වමු සරලව තේරුම් ගැනීම සඳහා. 

මගේ විශ්වාසයේ ආකාරයට බුදු දහම කියන්නේ විද්‍යාව. විශ්වයේ හැසීරිම පිලිබද හේතුන් මත පදනම්ව කරන විග්‍රහයක් තමා බුදු දහම කියන්නේ.බුදු දහමේ මූලික හරය විදියට හැඳින්වෙන අභිධර්මය තමා බුදුදහමේ අරටුව.අභිධර්මය තුලින් බුදුහාමුදරුවෝ දේශන කරන්නේ විශ්වය සහ විශ්වයේ සංසිද්ධින් හා ඊට හේතු වන කරුණු.

අද අපි බටහිර විද්‍යාව විදියට හඳුන්වන නූතන විද්‍යාවේ කරුණු සියල්ල බුදුදහමේ ඉතාමත් ලස්සනට විග්‍රහ කරලා තියෙනවා.අද අපි බටහිර විද්‍යාව තුලින් පරීක්ෂණ,නිරීක්ශණ සහ නිගමන තුලින් හෙලි කරගන්නා කරුණු බුදුරජුන් විසින් සිය නුවණින් අවබෝධ කරා. 

ඇත්තෙත්ම බැලුවොත් බුදුරජුන් සංසාරය පුරා බුදුබව ලැබීමට විවිධ පාරමිතාවන් පුරමින් කරන ලද්දේද පරීක්ෂණකි.එය විශ්ව ඉතිහාසයේ පුද්ගලයෙකු කරන ලද අපහසුම සහ ශ්‍රේෂ්ඨතම පරීක්ෂණය යැයි පැවසුවොත් මා අතිශය නිවැරැදිය. 

බුදුදහමේ විග්‍රහ වන නූතන විද්‍යාව තුලින්ද හෙලි කරගත් කරුණු කිහිපයක්...

19 වන සියවසේදී බටහිර විද්‍යාව තුලින් සොයාගන්නවා පරමාණුවේ කුඩාම ඒකක විදියට ප්‍රෝටෝන,නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන කියන අණු.නමුත් අභිධර්මයෙහි දැක්වෙන ආකාරයට බුදුන් වහන්සේ දේශනා කරනවා ඕනෑම භෞතික වස්තුවක් නිර්මාණය වී තිබෙන්නේ සතර මහ දාතූන් වලින් බව.( ආපෝ/තේජො/වායෝ/පඨවි)   

පුණර්භවය - නූතන විද්‍යාව තුලින් දැනටමත් පරීක්ෂණ කෙරෙන විශයක්. විද්‍යාවෙදී විස්වාස කෙරෙනවා ඇතැම් ගති ලක්ශණ මිනිසුන් ජාන වලින් රැගෙන එන බව.බුදුදහමේ දේශනා කෙරෙනවා අපේ චරිත ලක්ශණ අපි සංසාරය පුරා කරන ලද පුරුදු ලෙස ඇති වන බව.

සමහර විට අපි දකිනවා සමහර ලමයි ඉන්නවා ගති ලක්ශණ කිසි සේත් දෙම්ව්පියන්ගේ ගතිගුණ වලට සමාන නැති.හොඳ පවුල් පරිසරයක හැදී වැඩුනත් දුසිරිත් ගති පැවතුම් ඇත්තන් මෙන්ම නරක පවුල් පරිසරයක හැදූ වැඩුනත් මඩේන් උඩට මතු වූ නෙලුමක් මෙන් යහපත් ගතිගුණ ඇතිව හැදි වැඩුන අය.

බුදුදහම හේතුඵල දහමක්.එනම් සෑම දෙයක්ම යම්කිසි හේතුවක් නිසා ඇති වන බව.

"සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් ඇත" 

අහලා පුරුදුයි නේද?

ඔය ටිකක් විතරයි.තව ඕනේ තරම් කරණු තියෙනවා බුදුදහම කියන්නේ නූතන විද්‍යාව හිතා ගන්නවත් බැරි විදියට අභිබවා ගිය විශයක් කියන කරුණ සනාථ කරන්න.

බුදුදහම සහ බෞද්ධාගම කියන්නේ එකක්ද? නැත්නම් දෙකක්ද?

බෞද්ධාගම සහ බුදුදහම කියන්නේ පැහැදිලිව දෙකක්. බුදුදහම හර පද්ධතිය කරගෙන ඒ වටා ගොඩනැගුණු සංස්කෘතික පද්ධතියක් තමා බෞද්ධාගම කියන්නේ. මිහිඳු මහරහතන් බුදුදහම ලංකාවට රැගෙන එද්දි ලංකාවේ හිටපු මිනිස්සුන්ට බුදුදහම තරම් ගැඹුරු විශයක් ඒ ආකාරයටම අවබෝධ කරගන්න තරම්  හැකියාවක් තිබුනේ නෑ කියන එකයි මගේ දැනීම. ඉතින් මේ හේතුව නිසා බුදුදහමේ එන කරුණු ඉතා සරල කරලා හැමෝටම අවබෝධ කරගන්න ඇති කරපු හර සංස්කෘතිය තමා බෞද්ධ සංස්කෘතිය කියන්නේ. මේ තුල බුදුදහමේ ගැඹුරු විශය කොටස් පැහැදිලි කරන්නේ නෑ.ඒ වෙනුවට සසරභවය කෙටි කරගැනීමට මග පෙන්වීමක් තමා කෙරෙන්නේ.

සරල උදාහරණයක් ගත්තොත්,

"මස් කෑම" බෞද්ධාගමට අනුව ගත්තොත් මස් කන එක පව්. ඔව් ඒක හරි.මොකද මිහිඳු මහ රහතන් වහන්සේ බුදුදහම ලංකාවට දායද කරද්දි ලංකාවේ හිටියේ සත්තු මරන් කාපු මිනිස්සු. ඉතින් සතෙක්ව ඝාතනය කිරීම තුලින් ප්‍රාණඝාත අකුසලය සිදු වෙනවා. ඒ නිසා මස් කන එක පව්. නමුත් බුදුදහමේ කරණු විග්‍රහ කරලා බැලුවම පේනවා මස් කෑම තුල ප්‍රාණඝාත අකුසලයක් සිදු නොවන බව.

බුදුදහම අනුව ප්‍රාණඝාත අකුසලයක් වීමට බලපාන කරුණු 5යි.

1.පන ඇති සතෙකු සිටීම.
2.පණ ඇති සතෙකු බව දැන ගැනීම
3.මැරීමට උපක්‍රමයක් සිතීම
4.එම උපක්‍රමය ක්‍රියාත්මක කිරීම
5.එම උපක්‍රමය තුලින් සතා මරණයට පත්වීම.

හැබැයි දැන් අපි කඩෙන් මස් ගෙනත් කෑවොත් එතනදි මේ කරුණු 5හ සම්පූර්ණ වෙන්නේ නෑ නේද?

ඉතින් මේ විදියට බුදුදහමේ එන කරුණු තේරුම්
ගැනීමේ පහසුව සඳහා සරල කොට ගොඩ නැගූ සංස්කෘතියක් තමා බුද්ධාගම කියන්නේ.ඒහැර පිරිසිදු බුදුදහම නොවේ.

අතීතයේ පංසල තුලින් බුදුදහමේ ගැඹුරු කොටස් පැහැදිලි කිරීම සිදු වුවද වර්තමානයේ එම කාර්‍යෙන් පංසල කියන ඒකකය ඈත් වී දැයි සිතුවිල්ලක්ද පහලවේ.


නූතන සමාජයට යමක් ඒත්තු ගැන්වීමට හුදෙක් සරල කරුණු පමණක් ප්‍රමාණවත් නොවන බව මාගේ අදහසයි.ඒ සඳහා තාර්කික කරුණු ඉදිරිපත් කිරීම අවශ්‍යයි.

ඉතින් යමෙකු බුදුදහමේ ගැඹුරු කොටස් පිලිබඳ හෝ විද්‍යාව පිලිබඳ හෝ තාර්කික පිලිතුරු ඇල්මක් දක්වන්නේ නම් ඒ පිලිබඳ හැදෑරීමට මෙම ලිපිය උපකාරි වේ යැයි මා සිතමි.

තවද මෙම මෙම කරුණු පිලිබඳ සොයා බැලීමට මා හට උනන්දුවක් ඇති වූයේ " රාමුව youtube නාලිකාවේ රන්දික විජේසිංහ සහෝදරයාගේ බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ශණික පැතිකඩ " වීඩියෝ මාලාවෙන්.කැමති කෙනෙක්ට ඒකත් බලන්න ආරාධනා කරනවා.

ප.ලි : ගිහි බණ ඇසීමෙන් පමනින් නිවන අවබෝධ කිරීම දීර්ඝ ගමනකි.නිවන අවබොධය සඳහා ධර්මාවබෝධය අවශ්‍ය වේ.හුදෙක් බණ ඇසීමෙන් පමණක් දුගතියේ උපත ලැබීම සීමා කරගත හැකියි.නිවන් අවබෝධ සඳහා ධර්මශ්‍රවණයට යොමු විය යුතුයි.එනම් බුදුදහමේ ගැඹුරු ධර්ම කොටස් අවබෝධ කළ යුතුයි.ඒ පිලිබඳ වෙනම ලිපියකින් කතා කරමු.



සටහන - ප්‍රමෝද් දිල්ශාන් 2/6/2021

Image copyrights : ©️ Rastan | Dreamstime.com




Comments