Another Point of view | Marketing, Social Science,
Marketing,Social Science, Buddhism and some Other Nonsense
12/06/2021 01:14
වෙහෙසකර සතියක අවසානයේ රෑට කාලා ඇඳට ඇවිත් youtube එකට ගිහින් headset එකත් ගහගෙන playlist එකක් play කරගෙන ඇස් දෙක වහගත්තා.
"පිංවන්තියේ මාගේ ප්‍රේම කතාවේ..ඇයිදො මට පෑවේ මල් මදහාසේ..."
"හැමදාම ප්‍රශ්න හැමදාම රන්ඩු උඹේ සිතුවිල මගේ හිතත් එක්ක මුරණ්ඩු .."
"බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ.."
" දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ලඳුනේ..කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ.."
"හීනමකා..හංගාලා මන් ආවා.."
" Love is like the ocean buring in devotion when you go go go.."
" girls like you\"d run around guys like me.."
"I\"m crazy like a fool what about daddy cool.."
ඔහොම ඔහොම ප්ලේ ලිස්ට් එක යද්දි මට මන් ගැනම හෙන ආත්ම තෘප්තියක් ආවා " යකෝ මන් හෙන පොරක්නේ.." මගේ රසවින්දනයේ පුලුල් බව ගැන මට මන් ගැනම හෙන ආඩම්බරයක් තිබ්බේ..
හැබැයි ඔය එක්කම අනිත් පැත්තට ආවා තර්කානුකූල මොලේ රන් කරන ඩයල් එක..( අර කාටුන් වල උරහිසට උඩින් එන්නේ අර (දේවදූතය වගේ ඒකා )) පොරගේ තරකේ තමා..
"ඇත්තටම බුද්ධ දර්ශනයට අනුව අපි ලෞකික දේවල් වලට බැඳෙන්න බැඳෙන්න අපේ ජීවිත ලෞකික සහ ලෝකෝත්තර යන දෙයංශයෙන්ම අගාධයකට ඇදී යාමක්..
ප්‍රායෝගික උදාහරණයක් : උඩ ප්ලේ ලිස්ට් එකේ සිද්දිය
Music genres ගොඩක් අහනවා කියන්නේ marketing demographic ගොඩකට අයිති කෙනෙක්. උදාහරණයක් විදියට උඩ ප්ලේ ලිස්ට් එකේ හැටියට මන්
සිංහල සොබාවිත, සිංහල රැප්, සිංහල pop , RnB , english classic,pop වගේ genre කිහිපයක්ම අහනවා.ඒකියන්නේ ඒ හැම culture එකකම characteristics මට තියෙනවා කියන එක.ඒකියනේ market එකේ ගොඩක් වෙලඳ දැන්වීම,ප්‍රචාරණ ( advertisement,promotion) වලට මාව නිරාවරණය ( expose ) වෙනවා.
අපි වගේ වෙහෙසකර රැකියා කරන අයට කවදාවත් ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නෑ.එහෙම ප්‍රමාණවත් වැටුප් ලබන බහුතරේ මෙහෙම සිංදු අහ අහ ඉන්නවා ඇති කියලා මන් හිතන්නෙත් නෑ.නෑ.ඉතින් මේ වගේ අඩු වැටුපක් හම්බෙන අපි වගේ මිනිස්සු වෙලඳ දැන්වීම ගොඩකට නිරාවරණය වෙනවා කියන්නේ වැඩි පරිබෝජනයකට නතු වෙනවා කියන එක.ඒකෙන් වෙන්නේ මූල්‍ය තත්ත්වය කඩා වැටීමක්.
ඒනිසා බැඳුම් ගැටිම් ඇති වෙන්න වෙන්න වෙන්නෙ ලෞකික වශයෙන් හා ලෝකෝත්තර වශයෙනුත් පිරිහෙන එක.
"සෑම ක්‍රියාවකටම බලයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වුත් ප්‍රතික්‍රියාවක් ඇත." කියන ගමන් සාන්තගේ වගේ හිනාවක් දාලා දේවදූතයා අතුරුදන් උනා..
නිමි.
ප්‍රමෝද් දිල්ශාන්
Comments
Post a Comment