A book review
පොතක සුවඳ..
හොඳ පොතක් කියවීමෙන් පසු කෙනෙක්ගේ දැක්ම,ආකල්ප,හර පද්ධතිය වගේ දේවල් කම්පනයට ලක් වෙන්න ඕනේ.පොත කියවීමට පෙර ලෝකය දකින ආකාරය පොත කියවීමෙන් පසු විතැන් වීමක් වෙන්න ඕනේ.පොතක් කියලා මෙතනදි මන් අදහස් කරේ පිටු ගොඩක තියෙන අකුරු වලට නෙමේ. පොතක තියෙන දේ සත්‍ය වෙන්නම ඕනේ නෑ.නමුත් සත්‍ය ලෝකයේ සිදුවීම් එක්ක එකිනෙක ඡේදනය වීමේ හැකියාව තියෙන්න ඕනේ.
එහෙම මන් කියවපු පොතක් තමා " Faculty of sex by චින්තන ධර්මදාස "
උඩින් කියවන කෙනෙක්ට මේක තවත් එක sex story එකක් නැත්නම් පට්ට වැල කතාවක්. හැබැයි මේ පොත ඒ දේවල් වලින් සෑහෙන ඔබ්බට ගිය නිර්මාණයක්. කතාවේ plot එක open relationship එකක ඉන්න couple එකක් රාගය, ලිංගිකත්වය සහ ආදරය විඳින ආකාරය වටා ගෙතෙන්නේ. ලංකාව වගෙ ලිංගිකත්වය පිලිබඳ විවෘත කතාබහක් නැති සමාජ වටපිටාවක හැදී වැඩුන කෙනෙක්ට මේ පොත කියවද්දි අර අපි ජීවත් වෙන බබ්ල් එක කුඩු පට්ටම් වෙනවා වගේ දැනෙන එක අනිවාර්‍ය අත්දැකීමක්.
ලිංගික විවිධත්වය, open relationship, ලිංගික නිදහස,රාගය ආදරය,සමාජ යතාර්ථය වගේ දේවල් මධ්‍යම පාන්තික දෘශ්ඨිකත්වයකින් ලස්සනට කතා කරනවා මේ තුලින්.
ඒවගේම තවත් පැත්තකින් බැලුවොත් ලංකාව වගේ පිටින් බලද්දි අතිශය සංවෘත සංස්කෘතියක් තියෙන රටක සදාචාරය කියන සංකල්පයට දැඩි පහර දිමක් මේ පොත හරහා වෙලා තියෙනවා.
ඒවගේම ලෝකෝත්තර දෘශ්ඨිකත්වයෙන් මේ දිහා බැලුවොත් මේ පොත අවබෝධයකින් තොරව කියවන කෙනෙක් කාමය වරදවා හැසිරීම,විකෘති ලිංගික ආශාවන් වගේ දේවල් වලට යොමු වීමේ ලොකු ප්‍රවනතාවක් තියෙනවා මගේ අදහස අනුව.
ඒවගේම මේ පොතේ psychedelic සහ cannabis වගේ දේවල් ගැනත් කතා වෙනවා.
මේ පොත හැම කෙනෙක්ම කියවිය යුතු පොතක් නෙමේ. නමුත් කියවන හැම කෙනෙක්ටම පොඩි හරි impact එකක් ඇති වෙනවා කියන එක 100% සහතික කරහැකි.ඒක positive or negative වෙන්න පුලුවන්
Personal rating [ 7/10 ]
Comments
Post a Comment