Things that come from before life

සසර පුරුදු

සත්තු ගැන මට තියෙන්නේ අමුතුම බැඳිමක්..ඒක මට ලොකුවට උනක් විදියට මතු වෙන්න ගත්තේ දැන් අවුරුදු 2-3කට කලින් වගේ.ඒ කියන්නේ සත්ව අවිහින්සාවාදී පරිසරහිතකාමී සාමාජවාදී දේශපාලනීකරණය වගේ සීන් වෙන්න කලින්..කොහොම උනත් පසුකාලීනව මගේ බුදුදහමේ ගැඹුර පිලිබඳ අවබොධය විශාල වෙනසක් උනා.ඒත් එක්කම මන් මෑත කාලීනව පූසෝ තුන් දෙනක් ගැන බැදීමක් ඇති කරගත්තා.දෙන්නෙක් නැති උනා අනිත් එක්කෙනා ගැන තමා මේ දවස් වල සත්ව බැඳීම තියෙන්නේ.ඉතින්  මේ හැසිරීම දැකපු මගේ දෙවනි අම්මා වගෙ ඉන්න අම්මගේ අක්කා, දහම ගැන බොහෝ දේවල් දන්න කෙනෙක් එයා කිව්වේ මට මේක සසර පුරුද්දකින් එන දෙයක්..බැඳීම නැති කරගන්න නැත්නම් සසර ගමන කෙටිකරගන්න අමාරුයි කියන එක.


ඉතින් මාත් මේ ගැන ටිකක් කල්පනා කරලා බැලුවම මටත් තේරුනේ මේක පුරුද්දක් තමා කියලා පොඩි කාලේ ඉදන් තිබුන. මුලින්ම මන් සතෙක් වෙනුවෙන් පිහිට උනේ මට වයස අවුරුදු 8ක් වයසදි.ස්කෝලේ හිටිය පූස් පැටියෙක් බෑග් එකේ දාන් වෑන් එකේ ගෙදර උස්සන් ආවා.ඒ කිටී.අලු පාට වයිරන් පූස් කොල්ලෙක්.දඩයමට බොහොම දක්ශයා.මතක විදියට මාපිල්ලු,කුනකටුවෝ එහෙම දඩයම් කරා.එයාවත් හරිම ආදරෙන් නාවලා හුරතල් කරලා හැදුවේ.අනිතිමට මන් 6-7 වසරේ ඉද්දි වගේ ඌ එකපාර අතුරුදන් උනා.කොච්චර හෙව්වත් හම්බුනෙ නෑ.

ඊට පස්සේ ආයේ දවසක් අවුරුදු 4කට විතර පස්සේ  ඒ කියන්නේ 10 වසරේ වගේ ඉද්දි අම්මත් එක්ක ටවුන් එකට ගිහින් එන ගමන් මගදි හම්බෙලා පූස් කෙල්ලෙක් අරන් ආවා.ඒයාටත් මට පුදුම බැඳීමක් තිබ්බේ.එයාගේ කක්කා පවා මගේ ඇඟේ දාද්දි අප්පිරියවක් නැතුව තාත්තෙක් වගේ හිටියේ.මන් සත්තු හදද්දි කවදාවත් උන්ට සොබා දහමෙන් හම්බෙන දක්ශතා නැති වෙන විදියට වෙන දේවල් අවම වෙන විදියටයි හදන්නේ.ඉතිම් උන්ට ගස් නගින්න දඩයම් කරන්න වගේම සෙල්ලම් කරලා ශරීර සෞඛ්‍ය හොඳට තියනත් වැඩ කරා.ඊට පස්සේ ඒයා පැටව් 4ක් දැම්මා.ඒ හතර දේනාවම හැදුවා.කෙල්ලෝ දෙන්නයි කොල්ලෝ දෙන්නයි.කලූ,අලූ,චුටී,කහ පූස්(කෙල්ලෙක්) ඉතින් එයාලවත් වයස ආවම වන්ද්‍යකරණය කරා.අම්මත් එක්කම.

ඔහොම ඉද්දි දවසක් රෑ 8ට විතර ලිඳෙන් පූස් පැටියෙක් කෑගහනවා ඇහෙනවා.ඉක්මන්ට දුවලා ගිහින් බලද්දි කහ පූසි.පොල් අතු දැම්ම බාල්දි දැම්මා බැරි තැන බඹ 7 ලිඳට පැන්නා තනි කොහු කබේකුත් බැඳගෙන.පැනලා ඌවත් අරන් ගමේම හෙන විකාරයි වෙලා මාව කට්ටිය ලනු දාලා උඩට අරන් හෙනම විහිලුවයි.

හැබැයි මේ කිසි දෙයක් මට උගන්නලා කියා දීලා නෙමේ.මොකද මන් දහම් පාසල් ගියෙත් 7 වසරට විතරයි.මගේ ස්වභාවයෙනම ආව දේවල් එවා.මගේ අවබෝධකින තොරවම.සමහරවිට අම්මගේ ජාන වලින් ආව වෙන්නත් පුලුවන්.කොහොම නමුත් ඔය විදියට සත්තු ගැන පුදුම බැඳීමක් තියෙන්නේ.තියෙන්නේ.ඉතින් ඒක සසර පුරුද්දක් වෙන්නම ඕනේ කියන අදහස මට ප්‍රත්‍යක්ෂයි.හැබයි මන් අවිහින්සාවාදය තුලින් දර්මය දැසට යොමු වීමට බලපෑමක් තිබ්බා කියලා මන් විස්වාස කරනවා.

පොඩි අතුරු කතාවක්.මේ පහලින් තියෙන්නේ ඒ හදපු අයගෙන් මන් ගාව තියෙන මෑතකදී නැති උන දෙන්නාගේ පොටෝ දෙකක්..    

චිකූ : මගේ පුංචි පුතෙක් වගේ.හරිම හුරතල් දඟමල්ලක්.මන් එක්ක ඉන්නමයි ඔනේ උනේ ඔහොම පපුව උඩට වෙලා.අකාලයේ නැති වෙලා ගියා අසනීපයකින් . අන්තිමට මැරෙන්න කලින් සති දෙකක් විතරයි එක්තැන් වෙලා දවස් තුනක් විතර අසිහියෙන් ඉඳලා නැති උනා.නොකරපු දෙයක් නෑ ඒකාලේ කරගන්න පුලුවන් උන  වලින්.

කලූ මගේ ලොකු පුතා.පුංචි කාලේ මන් ලඟ සැපට ආදරෙන් හුරතලෙන් හැඳුනේ.හැබයි එයාට අවුරුදු එකහමාරකදි විතරදි මට එයාගෙන් වෙන වෙන්න උනා පෞද්ගලික හේතු නිසා.ඊට පස්සේ ආයේ මට එයාව හම්බුනේ එයාට අවුරුදු 7කදි විතරය.ඒකියන්නේ එයගේ වයසෙන් බැලුවොත් එයාට අවුරුදු 12ක් විතර වෙනකම් මන් ගාව සැපට හැදිලා ආයේ මන් ලඟට එද්දි එයා වයස අවුරුදු 55ක් විතර වගේ කොල්ලෙක්.හැබයි එයාට පොඩි වයසේ හම්බුන සැප එයාට හම්බෙලා තිබුනේ නෑ පොඩ්ඩක්වත් මානසිකව හො කායිකව.බොහොම ඩිප්‍රෙස් වෙලා බයෙන් හිටපු සතෙක් එයා.

හැබයි ආයෙ මන් ගාවට ආවට පස්සේ ආයෙම හොඳට සලකන්න මට පුලුවන් උනා.ඒ ගැන මට තියෙන්න ලොකු ආත්ම තෘප්තියක්.නහය උඩ හැදුන හොඳ කරන්න බැරි පිලිකාවකින් මාස 3-4ක් දුක් වින්දා.අන්තිමට මැරෙන්න වැටිලා ඉද්දි මායි මගේ නැන්දයි එකතු වෙලා කෑම පොඩි කරලා කවලා ජීවනී පොවල බෙහෙත් පොවලා පන ගත්තා..ඒත් කොරොනා කාලේ පොඩ්ඩ්ක් අඩු උන වෙලා විශ්වවිද්‍යාලය විවෘත කරපු වෙලා සති දෙකක් මට ගෙදර එන්න උනේ නෑ විභාග පැවැතුන නිසා.අන්තිමට විභාග ඉවර උන දවසෙම ගෙදර ඇවිත් බලද්දි තුවලේ හොඳටම පැසවල මන් හිටිය නැති නිසා සුද්ද කරලා බෙහෙත් කරන්න.

මන් ගෙදර ආවට පහුවදා උදේ බලාගෙන ඉද්දි පන ගියා.ලොකු දුකක් ඇති උනේ නෑ.මොකද මට මගේ යුතුකම කරා කියන හැඟීම තිබ්බ නිසා.

Comments