Feminism,Evolution, Patriarchy,Science and Existence
කාන්තාව,කාන්තාවාදය,විද්‍යාව, පරිනාමවාදය සහ සමාජයේ ඉදිරි පැවැත්ම
මේ දවස් වල ෆේස්බුක් එකේ දකින්න තියෙන මීම් එකක් මූලික කරගෙන තමා මේ සටහන ලියන්නේ.hari tv youtube නාලිකාවේ ප්‍රචාරය උන වැඩසටහන් දෙකක කාන්තාවෝ දෙන්නෙක් කිව්වා යැයි කියන කරුණක් මූලික කරගෙන තමා මේ virality එක පටන් අරන් තියෙන්නේ.ඒ වැඩසටහන, ඒකෙ අන්තර්ගතය, ඒකේ තියෙන මාකටින් හෝ ඒකේ හරි වැරැද්ද ගැන youtube එකේ තියෙන වීඩියෝ දෙක බලලා අදහසක් ගන්න පුලුවන්. ඒ ගැන අදහසක් බලාපොරොත්තු වෙන්නම් මේක කියවන්නේ ඔයාගේ කාලේ අපරාදේ.
මේ ලිපියෙන් මන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා
1.කාන්තාවාදය පිලිබඳ මූලික විග්‍රහයක්
2.සමාජය ආදි මානවයගේ සිට අද දක්වා විකාශය වූ ආකාරය පිලිබඳ පරිනාමවාදය ඇසුරින් කෙටි විග්‍රහයක්
3.කාන්තාව සහ පිරිමියා අතර ජීව විද්‍යාත්මක වෙනස්කම්
4.නූතන කාන්තාවාදයේ විකෘති පැතිකඩ
5.සමාජයේ ඉදිරි පැවැත්මට විකෘති කාන්තාවාදයේ බලපෑම
සැ.යු : මෙම ලිපිය ලියන මා කිසිදු ආකාරයේ විද්‍යාඥයෙක්, සමාජ විශ්ලේෂණය පිලිබඳ උපාධිධාරීයෙක් හෝ නොවන අතර මෙහි අඩංගු කරනු සියල්ල පොත්, අන්තර්ජාලය හා මාගේ ස්වයං අවබෝධය මත තබන ලද සටහනකි.මෙහි අඩංගු කරනු වල නිරවද්‍යතාව පිලිබඳ ගැටලුවක් වේ නම් මුලින් කෙටි විශ්ලේෂණයක නිරත වී කරුණු පැහැදිලි කරගන්නා මෙන් ඉල්ලාසිටින අතර මා විසින් ඉදිරිපත් කර ඇති මතයක් පිලිබඳ ගැටලුවක් වේ නම් පමණක් විමසන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
1.1)කාන්තාවාදය ( feminism )යනු කුමක්ද?
කාන්තාවාදය කියන්නේ දේශපාලනික/සමාජීය මතවාදයක්. ( උදාහරණ : ධනවාදය/සමාජවාදය/ ලිබරල්වාදය/කොමියුනිස්ට්වාදය...)
"සමාජීය,දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් සියලු ලිංග (ගැහැනු සහ පිරිමි) නියෝජනය වන පරිදි සමානාත්මතාව ඇති කිරිම " සරලව කාන්තාවාදය විදියට හඳුන් වන්න පුලුවන්. ඒ කියන්නේ
i. කාන්තාව සහ පිරිමියා සමාජය තුල එක සමාන වරප්‍රසාද වලට ලිංග බේදයක් තොරව අයිතියක් ලැබීම.
ii. දේශපාලනික වශයෙන් එනම් නායකත්ව තනතුරු වලදී ලිංග බේදයකින් තොරව හැකියාව මත පදනම්ව එම තනතුරු සඳහා තෝරා ගැනීම.
iii. ආර්ථිකමය කරුණු වලදී ( උදා : රැකියාව/ වෘත්තීය ) ලිංගබේදය ආර්ථිකමය ප්‍රතිලාභ බෙදීයාමේ නිර්නායකය නොවන ලෙස කුසලතාව මත පදනම් වූ සමාජයක් ගොඩ නැගීම.
විදියට සරලව හඳුන්වන්න පුලුවන්.
මේකෙදි ඉස්මතු කරන්න ඕනේ මූලික කාරණය තමා මේ මතවාදයෙන් අදහස් කරන්නේ සමාජීය,දේශපාලනික සහ ආර්ථික වශයෙන් සියල්ලන් සමාන විය යුතුය යන්න නොවන අතර ඒ සඳහා අවශ්‍ය පසුබිම සමාන විය යුතුය යන්නයි.
තව දුරටත් පැහැදිලි කරොත්.. උදාහරණයක් වශයෙන් කාන්තාවක් සහ පුරුශයෙකු ගණකාධිකාරණ රැකියාවක නිරත වෙනවා යැයි සිතන්න. මෙහිදී දෙදෙනාම එක සමාන කාලයක් සහ කැපකිරීමක් කරනවා යැයි අනුමාන කලොත් සහ දෙදෙනාගේ වෘත්තීය සුදුසුකම් සහ රැකියාවේ කටයුතු සඵලදායකව කිරීම සමාන නම් දෙදෙනාට ලැබෙන වැටුපද සමාන විය යුතුයි. කාන්තාව,කාන්තාවක් නිසා අඩු වැටුපක් සහ පුරුශයාට,පුරුශබාවය නිසා වැඩි වැටුපක් හිමි නොවිය යුතුයි. දෙදෙනාට ලැබෙන අවස්තා ලිංගබේදය මත පදනම් නොවිය යුතුයි.
1.2) කාන්තාවාදයේ විකාශය...
කාන්තාවාදයේ මූලික අදියරය ඉතිහාසයේ සටහන් වන්නේ 14 වන සියවසේ අගභාගයේ සහ 15 වන සියවසේ මුල් භාගයේදී ප්‍රංශයේදී කාන්තාවන්ට අධ්‍යාපනය සඳහා අයිතිය ලබා ගැනීමට Christine De Pisan විසින් එකල සමාජ ආකල්ප වලට එරෙහිව කල අරගයේදි.කාන්තාවාදය පිලිබඳ පලමු දාර්ශණිකයා විදියට හැඳින්වෙන්නෙත් Christine.
ඉන් පසුව 1848 දි newyork වලදී කාන්තා අයිතිවාසිකම් සහ ස්වාධීනත්වය වෙනුවෙන් Elizabeth Cady Stanton සහ Lucretia Mott විසින් කාන්තාව සහ පුරුශයා දෙවියන් විසින් මැවීමේදි සමානව මැවූ බවට කල ප්‍රකාශය නූතන කාන්තාවාදයේ ආරම්භය වශයෙන් දක්වන්න පුලුවන්.
තවද කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා ගැනීම මේ අරගලයේ වැදගත් අවස්ථාවක්.තමන් වෙනුවෙන් තීරණ ගන්න පාර්ශව තෝරගන්න සියලු දෙනාට අයිතිය හිමිවීම සාදාරණ සමාජයක මූලික ලක්ශණයක්.
(1.2 උපුටා ගැනීම අන්තර්ජාලය | මේ ගැන තව විස්තර ඕනේ නම් Evolution of feminism කියලා google එකේ search කරොත් හොයාගන්න පුලුවන්)
1.3) කාන්තාවාදයේ/ Feminism ආරම්භ වෙන්න මූලික උන කරුණු විදියට කාර්මික යුගයේදී කාන්තාවන් රැකියාවන් වලට යොමු වීම, කාන්තාවන්ට නීතියේ රැකවරණය නොලැබීම,කාන්තාවන්ට පුරුශයින් විසින් සිදුකල හිංසන ( ඒ කාලෙදි පිරිමින් කාන්තාවන් හුදෙක් ලිංගික වහලුන් ලෙස පමණක් සැළකීම ). මේ පීඩනය නිසා කාන්තාවන්ට සමාජය තුල සම අයිතිවාසිකම් ලැබිය යුතු බව සමාජය තුලින්ම මතාවදය බිහි උනා.
2.) සමාජ ආකෘතිය අතීතයේ සිට
මිනිස් පරිනාමයේ මූලික අදියරය විදියට හැඳින් වෙන්නෙ ගල් යුගය. මේ කාලෙදි සමාජ ආකෘතිය උනේ පුරුශයින් විසින් දඩයම් කර ආහර සැපයීම් සිදු කළ අතර කාන්තාව විසින් එම ආහර සැකසීම/ වර්ගයා බෝ කිරීම වගේ කරුණු ඉටු කලා. මෙහිදී දඩයම් කිරිමට පුරුශයා යොමු උනේ ඊට අවශ්‍ය ශාරිරික ශක්තිය,උපක්‍රම මෙහයවීමට හැකියාව වගේ දේවල් ජානමය වශයෙන් පුරුශය සතු වූ නිසා.
ස්වබාදහමට අනුව සමතුලිතය ඇති වෙන්නේ ආහර දාමය අනුව. ඒකියන්නේ Predator and Prey කියන සංකල්පය අනුව. ශක්තිවන්තයා විසින් දුබලයා යටත් වීම කියන දේ පරිනාමයේ ඉඳන් පැවතෙන දෙයක්. ඒක එදාටත් අදටත් හෙටත් වලංගු කාරණයක් ස්වභාදහමේ සමතුලිතය පවත්ව ගන්න.
උදාහරණයක් විදියට ගෙම්බව ගත්තොත් ගෙම්බා කියන්නේ Predator කෙනෙක් වගේම prey කෙනෙක්.
ගෙම්බා විසින් කෘමීන්ව ආහරයට ගන්නවා. උරගයින් විසින් ගෙම්බව ආහරයට ගන්නවා. මෙතනදි ගෙම්බා වගේම උරගයා කියන දෙන්නම ස්වභාදහමේ සමතුලිතයට වැදගත්. උරගයා නැති උනොත් ගෙම්බව ආහරයට ගන්න කෙනෙක් නැති වීම නිසා ගෙඹි ගහණය ඉහල යන්න පුලුවන්.එතනදි ගෙඹි ගහණය වැඩි වීම නිසා කෘමි ගහණයත් අඩු වෙන්න පටන් ගන්නවා.එතකොට පරිසරයට හිතකර කෘමීන් ගහණය අඩු වෙන්න ගන්නවා. ඒ හරහා පරිසරයේ සමතුලිතය බිඳ වැටෙනවා. ඒ ආකාරයට ස්වභාදහමේ සමතුලිතය පවත්ව ගන්න විවිදත්වය අත්‍යාවශ්‍ය මූලිකාංගයක්. ඒ වගේම මේ ලෝකයේ පැවැත්මට ලිංගබේදය අත්‍යාවශ්‍ය කාරණයක්. ඔක්කොම ගැහැනු උනොත් හෝ පිරිමි උනොත් වර්ගයාගේ පැවැත්ම බිඳවැටෙනවා කියන කාරණය පැහැදිලිනෙ..
ඒ වගේම සමාජ ක්‍රමයක පැවැත්මටත් ලිංග අතර විවිදත්වය අත්‍යාවශ්‍යයි. ඒ අනුව තමා ස්වභාදහම විසින් විවිද ජානමය සහ ජීවවිද්‍යාත්මක වෙනස්කම් පුරුශයා සහ ස්ත්‍රීය අතර ඇති කරලා තියෙන්නේ. කාන්තාවට වර්ගයා බෝ කිරිමේදි අවශ්‍ය ශාරිරික ලක්ශණ වගේම ඒ බෝ කරන වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ඒ සඳහා ආහාර සැපයීමේ හැකියාව පුරුශයට ලැබිලා තියෙන්නේ ඒ අනුව.
ඒ අනුව තමා පරිනාමය හරහා පුරුශයා පවුල් සංස්ථාව වෙනුවෙන් සැපයීම සහ කාන්තාව පවුල් සංවිධානය කිරීම කියන සංකල්ප බිහි වෙන්නේ.
3) කාන්තාව සහ පිරිමියා අතර ජීව විද්‍යාත්මක වෙනස්කම්
ජීව විද්‍යාත්මක පැතිකඩ ගත්තොත් පුරුශයට කාන්තාවට සාපේක්ෂව එකවර කාර්‍යයන් කිහියක් කිරිමේ හැකියාව (multi tasking) අඩුයි. නමුත් පුරුශයට කාන්තාවට සාපේක්ෂව එක් කාරයක් වෙනුවෙන් අවදානය යොමු කිරීමේ හැකියාව වැඩී. බහුතරයක් විධායක් ශ්‍රේණියේ රැකියාවල පුරුශයින් දකින්න ලැබෙන්නේ ඒ හේතුව නිසා. ඒ වගේම කාන්තාවට සාමාන්‍ය ජීවවිද්‍යාත්මකව ලැබෙන වගකීමක් වෙන වර්ගයා බෝ කිරීමේ කාර්‍යයට වයස අවුරුදු 30-35 වෙද්දි යොමු වෙන්න වෙනවා. මේ නිසා ඔවුන්ට වැඩි වේලාවක් රැකියාව හෝ වෘත්තීය වෙනුවෙන් යොදවන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.මොකද ඒ කාලය පවුල වෙනුවෙන් යොදවන්න වෙන නිසා. තවද පර්‍යේශණ වලින් අනාවරණය වෙලා තියෙන ආකාරයට කාන්තාවට සාපේක්ෂව පුරුශයිනට තර්කන හැකියාව වැඩී. මීට අමතරව පවුලක මානසික සුවතාවය පුරුශයට වඩා කාන්තාව මත යැපෙනවා.මොකද කාන්තාව සතු මෘදු ස්වභාවය, ඉවසීම වගේ ලක්ශණ නිසා.
පුරුශයින් ස්වබාවයෙන් ප්‍රචන්ඩත්වයට කාන්තාවට සාපේක්ෂව වැඩි නැබුරුතාවක් දක්වනවා.මෙය හොඳින්ම නිරූපණය වන අවස්ථාවක් තමා හිර ගෙවල්.
සාමාන්‍යයෙන් සිරගෙදරක ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 94% පමණ පිරිමින් සහ 6% පමණ තමා කාන්තාවන් ඉන්නේ.
මේ ප්‍රචන්ඩත්වය කියන කාරණයත් පරිණාමය සමග පැමිණි ලක්ශයක්.ආදී මානවයගේ යුගයේදි දඩයම් කිරීම වගේම සතුරු ආක්‍රමණයන් හිඳී තම ඒකකය ආරක්ෂා කිරීම සිදු කලේ පුරුශයින්.ඒකට හේතුව උනේ ශාරිරික ශක්තිය කාන්තාවට සාපේක්ෂව පුරුශයට වැඩි නිසා.
මේ අනුව ජීවවිද්‍යාත්මක වශයෙන් කාන්තාව සහ පුරුශයා කිසි විටකත් සමාන නැහැ. ඉහතදී සඳහන් කරපු වර්ගයාගේ විවිධත්වය පැවැත්මට සහ සමතුලිතයට බලපානවා කියන කාරණය මෙතනට අදාල වෙනවා.
4.) නූතන කාන්තාවාදයේ විකෘති පැතිකඩ
මිනිස් සමාජය අපිට කොටස් දෙකකට බෙදන්න පුලුවන්.
- පහසුවෙන් කරුණක් ඒත්තු ගැනිවිය හැකි පිරිස ( Agreeable Personality )
- පහසුවෙන් කරුණක් ඒත්තු ගැන්විය නොහැකි පිරස. ( Disagreeable personality )
මේ කොටස් දෙක ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පොදුයි.
පහසුවෙන් දෙයක් ඒත්තු ගැන්විය නොහැකි කොටසේ අයගේ තියෙන ලක්ශණ වශයෙන්,
- තමා අන් සියල්ලට වඩා උසස් යැයි සිතීම ( narcissism )
- තමාට සියලු දේ ලැබීමට අයිතියක් ඇතැයි යන හැඟීම ( selfishness )
- අනෙකාව පාලනය කිරීමට ඇති ආශාව ( manipulator )
- සානුකම්පික බවෙන් අඩු වීම ( Empathy )
- ආවේගශීලි බව ( aggressiveness )
- සමූහයක් සමග කටයුතු කිරිමේ නොහැකිව.
වගේ ලක්ශණ දක්වන්න පුලුවන්.
සාමාන්‍යයෙන් මෙවැනි ලක්ශණ බොහොමයක් දකින්න ලැබෙනවා සමාජයේ ඉහල තලයේ අය අතරේ.මොකද disagreeable personality තියෙන අය තමන් වෙනුවෙන් අතිශය කැපවීමකින් වැඩ කරන්න පෙලඹෙනවා.ඒනිසා ඒ අයට සාර්ථකත්වයට ( සාර්ථකත්වයේ නිර්වචනය පිලිබඳ වෙනම සංවාදයක් අවශ්‍යයි) ඉක්මනින් ලඟා වෙන්න හැකියාව තියෙනවා.
දැන් මේ කරුණ කාන්තාවාදයට අදාල වෙන්නේ කොහොමද?
වර්තමානයේ තියෙන විවිධ පීඩනයන් නිසා ( රැකියා පීඩනය, සමාජීය පීඩනය, දේශපාලනික පීඩනය ...) වර්ථමානයේ ශීග්‍රයෙන් ඉහල යන කරුණක් තමා මානසික රෝග.
මානසික රෝග කියන වචනේ ඇහුන ගමන් බොහොමයක් දෙනා හිතන්නේ මානසික රෝහල් ගත වෙලා ඉන්න රෝගීන් ගැන. නමුත් මානසික රෝග කියන කාරණය අතිශය සංවේදී කාරණයක්. ශාරිරික රෝග වගේම මනසත් රෝග වලට ගොදුරු වෙනවා.
ඒවගේ ගොදුරු වෙන රෝග වර්ග කිහියක්,
- Mood disorders ( depression )
- Anxiety
- Personality disorders
- Psychotic disorders (මානසික රෝග කියල ඇහුව ගමන් ඔලුවට එන්නේ මේ category එක)
- Eating disorders
ඔය කිහිපයක් විතරයි. ඉතින් මේ වගේ විවිධ රෝග වලින් පෙලෙන අය අපි අතර ඕනේ තරම් ඉන්නවා.
නූතන විකෘති කාන්තාවාදයත් මේවගේ.
මේ feminist කියාගන්න අය බහුතරයක් මේ ආකරයේ disagreeable personality සහ විවිධ මානසික රෝගී තත්වයන්ගෙන් පෙලෙන අය.
මේ අය feminism කියන සංකල්පය තමන්ගේ පුද්ගලික දුර්වලකම් යටපත් කරගන්න සහ සමාජයේ අවධානය දිනා ගන්න tool එකක් විදියට පාවිච්චි කරනවා. සමාජයේ කැපී පෙනෙන්න තමන් සතුව විශේශ දක්ශතාවයක් නැතිකම නිසා සහ ඒ වෙනුවෙන් වැඩ කිරීමට අලසකම නිසා සමාජයේ කැපී පෙන්න සහ අවධානය දිනාගන්න feminist කෙනෙක් ලෙස පෙනී සිටිනවා. ඇත්තටම බැලුවොත් මේ තත්ත්වය disagreeable personality වල ඇතැම් ලක්ශන සහ mental disorder වල සංයෝගයක් විදියට ඇති වෙන තත්ත්වයක්. මේ අයට feminism පිලිබඳ අවබෝධයක් නැති තරම්.
මේකේ තවත් විකෘති පැතිකඩක් තමා විරුද්ධ ලිංගිකයින් නුරුස්සනා ස්වභාවය. තම ලිංගය උසස් යැයි හැඟීම.
මේ විකෘති feministලා අනුව සියලු අංශ වල කාන්තාව සහ පුරුශයා සමාන විය යුතුය.
උදාහරණ : රැකියා වල ඉහල තනතුරු වලට වැඩි වශයෙන් කාන්තාවන් බඳවා ගැනීම,
පරිපාලනය සඳහා වැඩි වශයෙන් කාන්තා තනතුරු ඇති කිරීම, කාන්තාවන් සහ පුරුශයින් හට සම වැටුප් ලබා දීම.
නමුත් සැබෑම කාන්තාවාදයේ මූලික අරමුණ උනේ මේ කරුණු නෙමේ. ඒ තමා ලිංග බේදය අයිතිවාසිකම් තීරණය කිරිමේ පදනමක් නොවිය යුතුය යන්නයි. ඔබ මෙම ලිපිය මුල සිට මධ්‍යස්ථ මනසකින් කියවුව අයෙකු නම් මෙහි ඇති විකෘති ස්වබාවය පිලිබඳ ඔබටම මේ වන විට අවබෝධයක් තිබිය යුතුයි.
5)සමාජයේ ඉදිරි පැවැත්මට නූතන විකෘති කාන්තාවාදයේ බලපෑම.
මේ ලිපිය මේ දක්වා කියෙව්වා නම් ස්වභාදහමේ සමතුලිතය, ලිංග අතර විවිධත්වය, සමාජයේ පැවැත්ම, වර්ගයාගේ පැවැත්ම වගේ කරුණු ගැන ඔබට දළ අවබෝධයක් හෝ තිබෙන ඇතෙයි විස්වාස කරනවා.
- දක්ශිණ ද්‍රැව හෝ උත්තර ද්‍රැව කාන්දම් දෙකක් එකිනෙකට ආකර්ෂණීය නොවේ.එකිනෙකට ආකර්ෂණීය වන්නේ දෙවර්ගයේ කාන්දම් දෙකකි.
- විදුලි බල්බයක් දැල්වීමට ධන ( + ) සහ සෲණ ( - ) අග්‍ර දෙකම සම්බන්ධ කල යුතුය.
- යමක් ඔබ අහසට විසි කලවිට එය පහලට එන්නේ ඔබ එය ඉහලට විසි කරන කරන බලයට වඩා ගුරුත්වාකර්ෂණ බලය වැඩි වූ විටය.නැතිනම් එය අඛණ්ඩව ඉහලට යනු ඇත.
ස්වභාදහමේ නීතිය අතිශය සරලය. එය තේරුම් ගැනීමට මහා ලොකු උපාධි අවශ්‍ය නැත.වටපිටාව පොඩ්ඩක් උනන්දුවෙන් නිරීක්ෂණය කිරීම පමනක ප්‍රමානවත්ය.ස්වභාදහමේ නීතියට පිටින් යෑම මිනිසාට කල හැක්කේ ස්වභාදහම ප්‍රතික්‍රියා දක්වන තෙක් පමනි.
කාන්තාවන්ට සම අයිතීන් දීමට මහා ලොකු වාද අවශ්‍ය නැත.මනුශ්‍යකු වශයෙන් ඔබටත් මටත් ඇත්තේ ඇට මස් ලේ නහර වලින් හැදුනු ශරීර කූඩුවකි. සියල්ලෝ ලොව එලිය දකින්නේ කාන්තා ලිංගයකිනි. අවසානයේ සියල්ලන්ම යන්නෙත් අඩි 6කට වලකටය. ඉතින් මට ඔබට වඩා අයිතිවාසිකම් හිමි වීමට මා හට පුරුශ ලිංගිකක් තිබීම හෝ ඔබට ස්ත්‍රී ලිංගයක් තිබීම නිසා ඔබ මට වඩා උසස් වීමට තිබෙන තර්කය කුමක්ද යන්න සිතා බැලිය යුතුය.
කතෲ : ප්‍රමෝද් දිල්ශාන් 28/05/2021 22:08PM
Comments
Post a Comment